අයිය මලෝ එක්වෙලා මැරයෝ ගෙනත් සාමකාමී ජන අරගලය විනාශ කළා- ඕමල්පේ සෝභිත හිමි

388

සාමකාමී අරගලයක, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියැළී සිටි ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නැති ජනපති අගමැති සහෝදර දෙපළ විසින් අධම, අවිනීත සහ අශීලාචාර ලෙස සැලකීම දැඩිව හෙළා දකින බවත් මෙයට පූර්ණ ලෙස වගකිම යුතු ජනපතිවරයා සහ අගමැතිවරයා වහාම ධුරයන්ගෙන් ඉවත්ව යා යුතු බවත්, රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ඊයේ (9 දා) ප්‍රකාශ කළහ.ජනපතිවරයාට සහ අගමැතිවරයා ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුවට ඉවත්ව යන ලෙස ඉල්ලමින් සාමකාමී අරගලයක නිරතව ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසල රැඳී සිටි ජනතාවට ඊයේ (09 දා) රජයේ අනුදැනුම මත සිදු කළ අමානුෂික පහරදීම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ මෙසේ ද පැවසූහ.

 ජනපති අයියා මලෝ එකතුවෙලා මැරයෝ ගෙනත් මේ සාමකාමී ජන අරගලය විනාශ කළා. හැබැයි මේ අය තේරුම් ගන්න ඕනෑ කෝටි දෙකක ජනතාව ගහලා පාලනය කරන්න බැරි බව. මේ අයියා මලෝ දැන් හිට්ලර්ට සහ පොල්පොට්ටත් වඩා භයානක වෙමින් සිටිනවා. සාමකාමී ජනතාව අතරට ගිහින් පහරදීමට මොනතරම් තිරස්චීන ගතියක් තිබිය යුතුද?මේ මැර පිරිස ගෙන්වා සැලසුම් සහිතව කළ පහරදීමක් මේක. ඔවුන්ට කෑම, බීම දීලා මත් පැනුත් බොන්න දීලා මේ පිරිස පොළඹවා යැව්වේම නිරායුධ අහිංසක අරගලයක යෙදී සිටි ජනතාවට ගහන්නම තමයි. මේක නින්දිත වැඩක්. සදාචාරයට, ප්‍රජාතන්ත්‍රවාදයට ගහපු මරු පහරක්. අපි මෙය දැඩිව හෙළා දකිනවා.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment