අයිස් කී‍්‍රම්වලට මුවාවී දැරියට අතවර කළ පාපතරයා රිමාන්ඩ්… අනියම් බිරින්ඳෑවරු රැසක් හා නඩුවකුත් තිබෙනවා

347

අවුරුදු 18 ක් රැකබලාගත් තම මන්දමානසික දැරියව ගැහැනියක් කළ පාපතරයාව අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් මවක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කළ මිනුවන්ගොඩ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

දිවුලපිටිය, කඩවල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 හැවිරිදි සැකකරුව 22 වෙනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය. සැකකරු නීත්‍යානුකූල බිරිඳගෙන් වෙන්ව අනියම් බිරින්ඳෑවරු රැුසක් සමග සම්බන්ධතා පවත්වන අයෙක් බවත් අවුරුදු 14 ක් වයසැති බාල වයස්කාර දැරියට බරපතළ ලෙස අපයෝජනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව මීගමුව මහාධිකරණය හමුවේ නඩුවක් පවතින බවද සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි (38098* මහතා අධිකරණය හමුවේ පැවසීය. වින්දිත දැරිය අයිස්ක‍්‍රීම් රැුගෙන

ඒම සඳහා නිවසේ සිට වෙළෙඳ සැලකට ගොස් ඇති බවත් එම වෙළඳසැලේ අයිස්ක‍්‍රීම් නොතිබූ හෙයින් දැරිය ආපසු නිවසට ඒමට සූදානම් වූ අවස්ථාවේ එම වෙළඳසැල අසල සිටි සැකකරු වෙනත් වෙළෙඳ සැලකින් අයිස් ක‍්‍රීම් ගමුයැයි දැරියට යෝජනා කර දැරියව රවටා දැරියව සැකකරුගේ යතුරුපැදියේ නංවාගෙන ගොස් පාළු ඉඩමක දී දැරිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව අධිකරණයේදී සඳහන් විය.

අයිස්ක‍්‍රීම් රැගෙන ඒම සඳහා වෙළෙඳ සැල වෙත ගිය දැරිය නිවසට ඒමට ප‍්‍රමාද වූ නිසා මව දැරිය සොයා ගොස් ඇති බවත් පසුව දැරිය මවට හමුවීමෙන් අනතුරුව සිදු වූ සිද්ධිය එම මන්ද මානසික දැරිය විසින් මවට පවසා ඇති බවත් අධිකරණය හමුවේ දී වැඩිදුරටත් අනාවරණය විය. වින්දිත දැරිය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ගම්පහ මහරෝහලට ඇතුළත් කර ඇති බවටද අධිකරණය හමුවේ සඳහන් වූ අතර පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ කීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment