අයිස් ගහන බස් රියැදුරන් අල්ලන්න ‘දැල්’ ගෙන්වයි

211

අයිස් මත් පෙති ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය පානය කර මගී ප්‍රවාහන බස්රථ ධාවනය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්‍ෂා කර බැලීම සඳහා අවශ්‍ය උපකරණ ළඟදීම ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බව පොලිස් රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පොලිසිය සතුව මෙවැනි උපකරණ නොමැති නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස් රියැදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් මෙතෙක් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර පරීක්‍ෂණවලට ලක් කළ අතර මෑතකදී සිදුකළ වැටලීමකදී එවැනි රියැදුරන් කොන්දොස්තරවරුන් 27 දෙනෙකු හඳුනාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මේ අතර මෙම සිදුවීම් පිළිබඳව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් කලක් තිස්සේ මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවය. තවද බස් රියැදුරන් කොන්දොස්තරවරුන් පමණක් නොව, අගනුවර ඉහළ පැලැන්තියේ සමාජ ශාලාවල පවා සමහර තරුණ තරුණියන් මෙවැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවද ඒ මහතා කීවේය. පොලිසියට පෙනෙන්නේ බස් රියැදුරන් කොන්දොස්තරවරුන් පමණක් යැයි ද එවැනි පුද්ගලයන් පෙනෙන්නේ නැතැයි ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment