අයිස් බොන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

723

මහරගම පොලිස් වසමේ දුම්රියපොළ පටුමග ප‍්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක ජීවත්වන පුද්ගලයෙකු 11 වන දින අලූයම එකට පමණ තම බිරිඳ සමග ඇතිවූ ආරවුලක් මත මවට සහ බිරිඳට මන්නයකින් කොටා තුවාල සිදුකර පැල්පත් නිවසටද ගිනි තබා පළා ගොස් ඇති බවත් පැල්පත් නිවස ගිනි ගනිමින් තිබියදී අවට ප‍්‍රදේශවාසීන් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථයක් කැඳවා මහත් පරිශ‍්‍රමයක් දරා ගින්න මැ`ඩ පැවැත්වූ බව මහරගම පොලිසිය පැවසීය.

අයිස් බොන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

මෙම නිවසේ පදිංචි පුද්ගලයා තම මිතුරෙකු සමග නිවසට පැමිණ නිවස තුළ සිට අයිස් නමැති මත්ද්‍රව්‍ය පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එයට විරුද්ධව බැණ වැදුණු බිරිඳ සමග උරණ වූ මෙම පුද්ගලයා මාළු කැපීම සඳහා උපයෝගී කරගන්නා තියුණු මන්නයක් වැනි ආයුධයක් ගෙන බිරිඳගේ ගෙල ප‍්‍රදේශයට කෙටීමට යාමේදී බිරිඳ එම මන්නා පහර වැළැක්වීම සඳහා අත අල්ලා ඇති බවත් එවිට ඇයගේ අතේ වැලමිටට පහලින් කැපී ඇති බව දුටු මෙම පුද්ගලයාගේ මව විසින් එම ආරවුල විසඳීමට මැදිහත් වූ අවස්ථාවේදී මවටද පා පහරක් මෙන්ම මන්නා පහරක් එල්ල කර නිවසට ගිනි තබන බව පවසා පළා ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සිදුවී මද වේලාවකට පසුව බිරිඳ සහ මව කැපුම් තුවාල සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට පෞද්ගලික රෝහලක් වෙත ගියද ආරවුලක් මත ඇතිවූ තුවාල හේතුවෙන් ප‍්‍රතිකාර කිරීමට නොහැකි බවත් පොලිසිය දැනුවත් කර රජයේ රෝහලක් වෙත ගොස් ප‍්‍රතිකාර ලබාගන්නා ලෙස ලැබුණු උපදෙස් මත නැවත නිවෙස වෙත පැමිණ රෝහල වෙත යන අදහසින් නිවසට පැමිණෙන විටත් සැමියා පැමිණ නිවසට ගිනි තබා පළාගොස් තිබූ බව පහරකෑමට ලක්වූ කාන්තාව පැවසීය.

අයිස් බොන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

නිවස තුළින් විශාල ගිනි දළු සහ දුමාරයක් පිටවූ බවත් එම අවස්ථාවේදී යුහුසුළුව ක‍්‍රියාත්මක වූ පැල්පත්වාසී පුද්ගලයන් විසින් ජලය රැුගෙනවිත් ගින්න පාලනය කිරීම සඳහා උත්සහ කළ ද එය වැළැක්වීමට නොහැකි බැවින් දුරකථන මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන් සහ ගිනි භටයින් පැමිණ ගින්න මැ`ඩ පැවැත්වූ බවත් පොලිසිය පැවසීය.

ගිනි ගැනීම හේතුවෙන් නිවස තුළ තිබූ සියලූ‍ම බඩුබාහිරාදිය විනාශ වී ගොස් ඇඳි වත පමණක් ඉතිරිව තිබූ බවත් ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැ`ඩපැවැත්වීමට යුහුසුළුව කටයුතු සිදු කළේ නැතිනම් විනාඩි කිහිපයක් තුළ මුළු නිවාස පේළියම ගිනි ඇවිලී මීට වඩා දරුණු ඛේදවාචකයට මුහුණ දීමට සිදුවන බවද පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත ¥ෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක පතිරණගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 59051 දයාරත්න, පොලිස් කොස්තාපල් 94623 නිරුෂන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

එස්.ඞී අබේසිංහ – මහරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment