අයිසිස් – තලෙයිබාන් මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණය වෙයි… ඉන්දියාව – ශ‍්‍රී ලංකාව මාලදිවයින ඒකාබද්ධ මෙහෙයුම්

712

ඉන්දීය සාගරයට අලූතින්ම එල්ල වී ඇති තර්ජනය

පසුගිය නොවැම්බර් 7 දා මේ බරපතළ තර්ජනය ගැන මුල්වරට හෙළි කළේ ඉන්දීය තරම්බීර් සිං නැමැති නාවික හමුදාපතිවරයා යි. තලෙයිබාන් සහ අයිසිස් සංවිධාන එක්ව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනවා. මෙය අතිශයින්ම බරපතළ තත්ත්වයක් යැයි ඔහු ඉන්දියාවේ ගෝවේ නුවර පැවැති සමුද්‍ර සමුළුව අමතා මේ බව කියා සිටියේය. මෙම සමුද්‍ර සමුළුවට ශ‍්‍රී ලංකාව, බංගලදේශය කොමෝරස්, ඉන්දුනීසියාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිෂියස්, මියන්මාරය, සීෂෙල්ස් , තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවල නාවික හමුදාපතිවරු 12ක් සහභාගී වූහ.

පසුගිය කාලය තුළ ඉන්දීය සාගරයට තර්ජනයක් එල්ල වී ඇත්තේ චීනයෙන් බවට ඇමෙරිකාව ප‍්‍රචාරය කළේය. එහෙත් අලූත්ම සතුරා තලෙයිබාන් සහ අයිසිස් බව දැන් තහවුරු වී තිබේ.

මේ මත්ද්‍රව්‍ය ජාවාරමින් තාලිබාන් සංවිධානය උපයන ආදායම ඩොලර් බිලියන 3කට අධික බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකර තිබේ.

ඇෆ්ගනිස්තානය යළි තලෙයිබාන් පාලනයට නතුවීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම පුළුල්ව දියත් කිරීමට තාලිබාන් සංවිධානයට හැකි වී ඇත.

මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට ඉන්දියාව විසින් ඒකාබද්ධ ක‍්‍රියාන්විත හෙවත් නාවික මෙහෙයුම් දියත් කිරීමට තෝරා ගනු ලැබුවේ ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ මෙහෙයවීම යටතේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවට ගැඹුරු මුහුදේ නතර වී කොටි ආයුධ නැව් විනාශ කිරීමට හැකි වූ බව ඉන්දියාව අවබෝධ කරගෙන තිබුණි. එවන් මෙහෙයුම් දියත් කිරීමේ හැකියාවක් ඉන්දියාව හැර ඉන්දීය සාගර කලාපයේ වෙනත් රටවලට නැත. ශ‍්‍රී ලංකාව කොටි ත‍්‍රස්තවාදය වැනසුවා. ඉන් අනිකුත් රටවල්වලට පාඩම්
රැසක් ඉගෙනගත හැකිය යැයිද ඉන්දීය නාවික හමුදාපතිවරයා පැවසුවේ චන්ද්‍රිකා ජි. පී. එස්. පද්ධතිවලින්ද මිලිමීටර් 30 ප‍්‍රබල නාවික අවිවලින්ද සමන්විත කොටි නැව් සියල්ල වැනසීමට ශ‍්‍රී ලංකා නාවික හමුදාව ක‍්‍රියාකිරීම නිසාය.

මෙම පසුබිම යටතේ තලෙයිබාන් අයිසිස් මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා සමුද්‍ර වේදිකාවක් නිර්මාණය කිරීමට ඉන්දියාව තීරණයකර ඇතැයි හෙතෙම තවදුරටත් ප‍්‍රකාශකර ඇත. මෙතෙක් ඉන්දියාව ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව මත්ද්‍රව්‍ය වැනසීමේ ක‍්‍රියාන්විත මෙහෙයුම් දියත්කර නැත.

මෙම අයිසිස් තලෙයිබාන් මත්ද්‍රව්‍ය ජාලය ආරම්භ වන්නේ මැක‍්‍රන් වෙරළ කලාපයේ සිටය. එය ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින දක්වා ද කෙන්යා, ටැන්සානියා, මොසම්බික්, මැඩගස්කර් දක්වාද ව්‍යාප්ත වී ඇත. මේ මත්ද්‍රව්‍ය ජාලය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව වෙත ව්‍යාප්තවන බව ඉන්දීය නාවික හමුදාපතිවරයා මුල්වරට හෙළිකර තිබේ. තලෙයිබාන් සහ අයිසිස් ත‍්‍රස්තයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව වැඩිදුරටත් තහවුරු වූයේ පසුගියදා හෙරොයින් කිලෝ 200ක් සමග ඉන්දීය නාවික හමුදාව අල්ලාගත් බෝට්ටුවේ ඒ.කේ.47 හෙවත් කැලෂිනකෝව් අවි පහක් ද අසුවීමයි.

අයිසිස් සහ තලෙයිබාන් ත‍්‍රස්තයන්ගේ ජනප‍්‍රියතම අවිය කැලෂිනකෝව්ය. මෙලෙස ඉන්දීය නාවික හමුදාපතිවරයා මුල්වරට තලෙයිබාන් අයිසිස් මත්ද්‍රව්‍ය ජාලය ගැන හෙළි කරද්දී ශ‍්‍රී ලංකා පොලිසියට අද වනතුරු ඒ ගැන ප‍්‍රකාශයක් කිරීමට නොහැකි වී ඇත.

අයිසිස් - තලෙයිබාන් මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණය වෙයි… ඉන්දියාව - ශ‍්‍රී ලංකාව මාලදිවයින ඒකාබද්ධ මෙහෙයුම්

පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සබඳතා ඇතැයි පැවසීමට රහස් පොලිසිය බිය විය. මන්ද යත් එවැනි ප‍්‍රකාශයක් කළහොත් එය ජාතිවාදී ලෙස හැඳින්වීමට ඉඩ ඇති නිසාය.

ත‍්‍රස්ත මර්දන ඒකකය පසුගියදා මෙරට අයිසිස් ක‍්‍රියාකාරීන් 702 ක් සිටින බව අධිකරණයට දැනුම් දුන්නේය. සමහරවිට අයිසිස් ත‍්‍රස්තයන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බව පොලිසිය පැවසුවේ නම් මෙරට මුස්ලිම් සංවිධානයක් කෝපයට පත් වී එය බොරුවක් යැයි කියනු ඇත. එහෙත් ඉන්දීය නාවික හමුදාපති තරම්බීර් සිං යටපත් වී තිබූ ඇත්ත හෙළි කළේය. මේ අතර බුද්ධි තොරතුරු ලත් විගස කේන්ද්‍රස්ථානයේ සිට සැනින් මෙහෙයුම් දියත් කරන බව ද ඔහු හෙළි කළේය.

මේ කේන්ද්‍රස්ථානය ස්ථානගතකර ඇත්තේ කුමන ස්ථානයකදැයි හෙතෙම හෙළිකර නැත. අද්මිරාල් තරම්බීර් සිං තවදුරටත් මෙලෙස ප‍්‍රකාශකර ඇත. ඉන්දීය කලාපයේ රටවල නාවික හමුදා අතර ඒකාබද්ධ සමුද්‍රයීය නිපුණතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතුවී ඇත.

මේ සඳහා ඉන්දීය කලාප රටවල භූගෝලීය පිහිටීම, තාක්‍ෂණය, විවිධ මෙහෙයුම් පිළිබඳව ඇති දැනුම අවශ්‍යයි. මෙහිදී ධාරිතා වර්ධනයට පුහුණු මෙහෙයුම් දියත් කළ යුතුයි. මේ සඳහා අද්විතීය කුසලතාවයකින් යුත් රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකිය.

අයිසිස් - තලෙයිබාන් මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණය වෙයි… ඉන්දියාව - ශ‍්‍රී ලංකාව මාලදිවයින ඒකාබද්ධ මෙහෙයුම්

ඊට හේතුව විශාල ත‍්‍රස්තවාදී ප‍්‍රවාහයක් මුළුමනින්ම පරාජය කිරීමට සමත්වූයේ ශ‍්‍රී ලංකාව නිසයි.

මෙහිදී ඉන්දීය නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අවශ්‍ය වන පුහුණු කිරීම් සැලසුම් කිරීමටද ඊට අවශ්‍ය සමුද්‍ර වේදිකාව අපට සමීප රටවල් වලට ලබාදීමටද ඉන්දීය රජය කටයුතු කරන බවයි.

ශ‍්‍රී ලංකාව විසින් කොටි සංවිධානය පරාජය කළ අයුරු අවධාරණය කළ යුතුයි. මේ නිසා ශ‍්‍රී ලංකාවෙන් පාඩම් රැසක් අපට ඉගෙන ගත හැකිය යැයි නාවික හමුදාපති තරම්බීර් සිං කියා සිටියේය.

මෙලෙස තලෙයිබාන් සහ අයිසිස් ත‍්‍රස්ත සංවිධාන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූයේ ඔවුන්ගේ ආදායම් මාර්ග නතරවීම නිසාය. මෙලෙස අයිසිස් සහ තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමට ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව ක‍්‍රියාත්මක මෙහෙයුම් දියත් කිරීම ව්‍යාර්ථ කිරීමට එම ත‍්‍රස්ත සංවිධාන දෙකටම නාවික බලයක් හෝ මුහුදු බලයක් නැත. එහෙත් කොටි සංවිධානයට නාවික බලයක් තිබුණි.

මේ පසුබිම මැද ඉන්දීය සහ ශ‍්‍රී ලංකා නාවික බලය හමුවේ තලෙයිබාන් සහ අයිසිස් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහන ජාලය ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වේ.

එහෙත් එම ත‍්‍රස්තවාදී සංවිධාන මරාගෙන මැරෙන බෝට්ටු එවීමේ මෙහෙයුම් දියත් කිරීමට ඉඩ තිබේ.

පසුගිය මාස කීපය තුළ මුම්බායි සහ කේරළය අවට සාගරයේදී හෙරොයින් ප‍්‍රවාහන බෝට්ටු 4 ක් අසුවී තිබුණි. අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ප‍්‍රවාහකයන් පැවසුවේ ශ‍්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක වන බවයි. මේ අතර අයිසිස් සංවිධානය ඇට්පේමෙතින් පෙතිද නිපදවන බව හෙළි වී ඇත. මෙම පෙති ටොන් 14 ක් ඉතාලියට ප‍්‍රවාහනය කරද්දී එරට පොලිසිය අල්ලාගෙන තිබේ. මෙම අයිසිස් තලෙයිබාන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ඉන්දීය නාවික හමුදා බුද්ධි සේවාවට තොරතුරු හෙළි වනවිට ශ‍්‍රී ලංකා පොලිසිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බවට ප‍්‍රචාරය කර තිබුණි. එහෙත් ඩුබායි පොලිසිය එරට සිට මත්ද්‍රව්‍ය තොග එවන බවට තොරතුරු මෙරටට එවා නොතිබුණි.

මේ පසුබිම මැද මෙම වසරේ මාර්තු 18 දා ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය ශ‍්‍රී ලංකා ධීවර යාත‍්‍රාවක් වූ රවිහංසි අත්අඩංගුවට ගනු ලැබූ අතර එහි තිබී හෙරොයින් කිලෝ 300 ක් ද කැලෂිනකෝව් ප‍්‍රහාරක අවි කීපයක් සහ පතරොම් 1000 ක්ද සොයා ගෙන තිබේ. එම ධීවර බෝට්ටුවේ සිටි පස්දෙනා ශ‍්‍රී ලාංකිකයන්ය. එම ශ‍්‍රී ලාංකිකයන් හිටපු කොටි බවත් ඔවුන් කොටි සංවිධානය නැවත සක‍්‍රීය කිරීමට සැලසුම් කරන බවත් ඉන්දීය ජාතික බුද්ධි බළකාය සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය. මෙම රණහංසි ධීවර බෝට්ටුවේ තිබී හමු වූ කැලෂිනකෝව් අවිබල අනුක‍්‍රමික අංක තිබුණත් ඒවා කුමන රටින් ලබාදුන්නාද යැයි තහවුරු වී නැත. රුසියාව විසින් කැලෂිනකෝව් අවි නිෂ්පාදනය කළත් පාකිස්තානයද එවන් අවි නිපදවයි.

මේ අතර අත්අඩංගුවේ පසුවන ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ඉන්දීය බුද්ධි අංශ විසින් එම්.එල්.ඒ.ටී. විදිවිධාන යටතේ මෙරටින් තොරතුරු ඉල්ලා තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් ශ‍්‍රී ලාංකිකයන් තිදෙනකු අතුරුදන් වී ඇති අතර ඔවුන් අල්ලාගැනීම සඳහා ඉන්දීය බුද්ධි අංශ ශ‍්‍රී ලංකාවේ සහය පතා තිබේ.

අයිසිස් - තලෙයිබාන් මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණය වෙයි… ඉන්දියාව - ශ‍්‍රී ලංකාව මාලදිවයින ඒකාබද්ධ මෙහෙයුම්

මේ අයුරින් ඉන්දීය නාවික හමුදාව තලෙයිබාන් අයිසිස් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බව සොයාගෙන ඇත්තේ ඔවුන්ගේ පණිවුඩ ජාලයට සවන් දීමෙනි. ශ‍්‍රී ලංකා පොලිසියට ඕස්ටේ‍්‍රලියාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පණිවුඩ වලට සවන්දීමේ අධිතාක්‍ෂණික උපකරණ සපයා තිබුණත් එම උපකරණ භාවිත කරන්නේද යන්න ගැන මෙතෙක් හෙළි වී නැත.

පසුගිය කාලයේදී කටුනායකදී අයිසිස් ක‍්‍රියාකාරියකු අසුවූවත් රහස් පොලිසියේ උසස් නිලධාරියකුගේ නියෝග මත එම අයිසිස් ක‍්‍රියාකාරියා මුදාහැර ඇතැයි වාර්තා විය.

මේ අතර මෙරටට ගෙන ආ මත්පෙතිද පසුගිය කාලය තුළ අසු වූ අතර එම පෙති සපයා ඇත්තේ කුමන රටක ජාවාරම්කරුවන්ගෙන්දැයි හෙළි නොවූවත් දැන් තහවුරු වී ඇත්තේ එම මත්පෙති අයිසිස් නිෂ්පාදනයක් බවයි.

මේ අතර ස්විස්ටර්ලන්තයෙන් දේශපාලන රැකවරණ පතන්නන් සඳහා ශුභ සාධක පහසුකම් සැපයීමට වසරකට එරට ජනතාවගේ බදු මුදලින් ඩොලර් මිලියන 60 ක් වැයවේ. එක් වරසකදී ශ‍්‍රී ලාංකිකයන් 5859 ක් ස්විස් දේශපාලන රැකවරණ පැතූ අතර දැන් එය 327 ක් දක්වා අඩු වී ඇත.

මෙලෙස දේශපාලන රැකවරණ පැතූවන්ගෙන් සියයට 95 ක්ම උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ය. මොවුන්ට දේශපාලන රැකවරණ ලබාදීමේ ලිපිගොනු කෙටුම්පත් කරදී ඇත්තේ ද්‍රවිඩ සංවිධානයේ දේශපාලකයන් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානයි. මෙලෙස දේශපාලන රැකවරණ ලැබූවන් අතර මාධ්‍ය පාර්ශව යැයි හඳුන්වාගත් පිරිස් වෘත්තීය සමිතිවල සහ දේශපාලන පක්‍ෂවල සේවය කළ වුන් සහ අපරාධ චෝදනා එල්ල වූ පාර්ශවද වේ.

ස්විස්ටර්ලන්තයේ මේ වනවිට සිංහලයන් 67 ක්ද ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක්ද ජිනීවා ලූසන් සැන්ට් ගැලන් බර්න් ප‍්‍රිබුග් සහ සූරිච් නගරවල වාසය කරන මොවුන්ට ස්විස් රජය පිංපඩි ගෙවන අතර නවාතැන් පහසුකම්ද සපයයි.

දේශපාලන රැකවරණ ලැබූවන් අතර ත‍්‍රස්ත මර්දන ඒකකයේ ද රහස් පොලිසියේ හිටපු නිලධාරියකු ද වේ. ඊට අමතරව නව සම සමාජ පක්‍ෂයේ වෘත්තීය සමිතියක සේවය කළ අයෙක්ද සිටී. එසේම පසුගිය කාලයේ ඇන්දෝලනාත්මක සුදු කොටි සිද්ධිය ගැන සාවi තොරතුරු හෙළි කළ වාර්තාකරුවකුද, සිංහල පුවත්පතක වාර්තාකාරියක් සහ විද්්‍යුත් නාලිකාවක සේවය කළ ඇගේ ද්‍රවිඩ සැමියාද දේශපාලන රැකවරණ ලබා ඇත.

මෙයට අමතරව චිත‍්‍රකර්ම ගුරුවරියක් සහ වෙබ් වාර්තා කරුවකු වූ ඇගේ සැමියාද දේශපාලන රැකවරණ ලබාසිටී. ඇය පි‍්‍රබුග් නගරයේ පදිංචිව සිටී. නැගෙනහිර පළාතේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමක්ද දේශපාලන රැකවරණ ලබා සැන්ට් ගැලන් නගරයේ පදිංචි වී ඇත. උන්වහන්සේට අපරාධ චෝදනාවක් එල්ල වී තිබූ අතර එය පොලිසිය විසින් ගොතන ලද්දක් බව පසුව අනාවරණය විය.

මේ අයුරින් දේශපාලන රැකවරණ පතා ඇති ඇතැම් සිංහලයන් තමන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ගනිති. එහෙත් මේ කිසිවෙක් සිය ඇත්ත තත්ත්වය හෙළි කරන්නේ නැත.

මෙම දේශපාලන රැකවරණ පැතූවන්ට තම බිරියන් සහ දරුවන්ද එරටට ගෙන්වා ගැනීමට ඉඩ ලැබී තිබේ. මොවුන් කරන එකම ප‍්‍රකාශය ගෝඨාභය අපිව මරන්න හදනවා. හමුදාව අප පසුපස එනවා යන්නයි.

එහෙත් එම ප‍්‍රකාශ අමූලික බොරුවක්. දේශපාලන රැකවරණ ලැබූ තැනැත්තකුගේ බිරිය අප වෙත හෙළි කළේ සිය සැමියා තමා නැති අවස්ථාවක නිවසට පැමිණ නිවසේ බඩු බාහිරාදිය කඩාදමා අල්මාරියේ ඇඳුම් සෑම තැනම විසිකර එය ආරක්‍ෂක අංශ කළ දෙයක් ලෙස ප‍්‍රචාරය කළ බවයි.

එසේම නම් මාරුකරගත් සිංහලයන් කීපදෙනෙක්ද සිටිති. ස්විස්ටර්ලන්තයේ වෙසෙන ද්‍රවිඩයන් පවසන එකම දේ නම් හමුදාව සහ පොලිසිය තමන් පසුපස එන බවයි. මේ ගැන ඔවුන් වගකිව යුතු අංශවලට පැමිණිලි කර නැත. මේ හැර පාතාල කල්ලි ක‍්‍රියාකාරීන්ද ස්විස්ටර්ලන්තයේ සිටිති. ඔවුන්ව එරටට ඒවා ඇත්තේ හිටපු දේශපාලකයන් බව හෙළි වී ඇත. වසරකට තුන් වතාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතර එයට සහභාගී වීම සඳහා ඇතැම් සිංහලයන් පැමිණියත් පසුව ඔවුන්ගේ පැමිණීම නතර වූයේ අප මානව හිමිකම් කවුන්සිලය තුළ සිටින බව දැකීම නිසාය. මෙම දේශපාලන රැකවරණ ලැබූවන් ස්විස් රජයට පවසා ඇත්තේ සිය දේශපාලනය නිසා මරණ තර්ජනය එල්ල වී ඇති බවයි.

අයිසිස් - තලෙයිබාන් මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණය වෙයි… ඉන්දියාව - ශ‍්‍රී ලංකාව මාලදිවයින ඒකාබද්ධ මෙහෙයුම්

2009 සිට 2020 දක්වා කාලය තුළ ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබීම සඳහා කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ රැකියා කළ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් දෙදනකු සම්බන්ධ විය. එසේම කොළඹ රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සමගද ස්විස් තානාපති කාර්යාලය සබඳකම් පවත්වා ඇතැයි දැන් හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment