අයිසිස් නායකයා මරා දැමීමට පැය 2ක් තිස්සේ දියත්වූ ඩෙල්ටා මෙහෙයුම

1431

අයිඑස්අයිඑස් නායකයා සදාම් හුසේන්ගේ හමුදා නිලධාරියෙක්

ඩොලර් මිලියන 5ක් වටිනා බ්ලැක්හෝර්ක්
ප‍්‍රහාරක හෙලිකොප්ටරයක් පුපුරා හරියි

අයිසිස් නායකයා යටත්වීම ප‍්‍රතික්ෂේප කර පුපුරුවා ගත්තා

ළමුයි 6ක් කාන්තාවෝ 4ක් ඝාතනය වෙති

කුරෙයිෂි හඳුන්වනු ලැබුවේ කම්මුතු කරන්නා යනුවෙනි

අයිඑස්අයිඑස් නායකයා පෙනී සිටියේ කුලී රථ රියදුරකු ලෙසින්

වරක් ඔහු ඇමරිකානු ඔත්තුකරුවකු ලෙස කි‍්‍රයා කර ඇත. මොහු අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 10ක තෑග්ගක් දෙන බව ද ඇමරිකානු රජය නිවේදනය කර තිබුණි

අයි එස් අයි එස් නායක අබු ඊබ‍්‍රාහිම් අල් හෂානි අල් කුරෙයිෂි සැඟවී සිටියේ තුර්කි සිරියා දේශසීමාවේය. තමාව ඇමරිකානු හමුදාවට සොයා ගැනීමට හැකි වන්නේ නැතැයි ඔහු කිහිපවිටක්ම පුරසාරම් දෙඞීය.

එහෙත් පෙබරවාරි 3 දා අලූයම තුර්කි සිරියා දේශසීමාව අසල පිහිටි අට්මේ ගම්මානය සමීපය අවට සියලූ පණිවුඩ සබඳතා නතර විය. එදින අලූයම 1.10ට අට්මේ නගරයට හෙලිකොප්ටර් කීපයක් පැමිණි අතර එම හෙලිකොප්ටර්වල තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍රවලින් ප‍්‍රකාශයට පත්වූයේ ගම්මානයේ සියලූ දෙනා යටත් විය යුතු බවය.

මෙම හෙලිකොප්ටර් යානාවල කොමාන්ඩෝ භටයන් 24ක් සිටියත් ඔවුන් සහයට ප‍්‍රහාරක යානා ද රිපර් ඩ්‍රෝන සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් ද විය. මේ ඇමරිකානු කොමාන්ඩෝ භට පිරිස කඩා වැදුනේ අයිසිස් නායක අබු ඊබ‍්‍රාහිම් සාහබ් සිටි තෙමහල් නිවසයට. ඇමරිකානු බලධාරීන් පැවසුවේ අයිසිස් නායකයා පවුලේ අය සමග බෝම්බ පුපුරුවා ගෙන මරුමුවට පත්වූ බවයි. එහෙත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඇමරිකාව අයිඑස් නායකයාව ඝාතනය කළ බවයි. අයිසිස් නායකයාගේ

අයිසිස් නායකයා මරා දැමීමට පැය 2ක් තිස්සේ  දියත්වූ ඩෙල්ටා මෙහෙයුම
ඔහු සහ පවුලේ අය පදිංචිව සිටි නිවසේ තෙවැනි මහල

සහයකයා සහ බිරිය නිවසේ 2 වැනි මහලේ සිටි අතර ඔවුන් ඇමරිකානු කොමාන්ඩෝ භට පිරිස සමග සටන් කර මරුමුවට පත් වී ඇත. මේ වනවිට 2 වැනි මහලේ සිටි ළමුන්ව ප‍්‍රාණ ඇපයට ගෙන තිබූ අතර ඔවුන්ව බේරා ගැනීමට ඇමරිකානු භටයන්ට හැකි විය. අයිසිස් නායකයා මරා දැමීම සඳහා ඇමරිකානු බුද්ධි සේවාව නිසි බුද්ධි තොරතුරු සපයමින් ප‍්‍රහාරක කොමාන්ඩෝ භට පිරිසට පැවසුවේ ඔහු තෙවැනි මහලේ සිටින බවයි. කොමාන්ඩෝ භටයන් ප‍්‍රහාරය ආරම්භ කර විනාඩි 45කට පසු තෙවැනි මහලේ බරපතළ පිපිරීමක් සිදු වී මහලේ වැඩි කොටසක් සුන්බුන් බවට පත් විය. පසුව කළ විමර්ශනවලදී අයිසිස් නායකයා ඔහුගේ පිරිස සහ පවුලේ අයගේ සිරුරු කොටස් සෑම තැනම විසිරි තිබුණ බව තහවුරු විය. ඒ සමගම අයිසිස් නායකයාගේ සිරුරින් ගැලවී ගිය අතක ඇඟිලි සලකුණු ගැනීමට කොමාන්ඩෝ භටයෝ කි‍්‍රයා කළහ. එම කොමාන්ඩෝ භට පිරිස අතර සිටි ඇඟිලි සටහන් විශේෂඥයා ළඟ අබු ඊබ‍්‍රාහිම්ගේ ඇඟිලි සලකුණු තිබූ අතර එය සහ ඔහුගේ අතේ ඇඟිලි සමගත් සසඳනවිට මරුමුවට පත්වූයේ අයිසිස් නායකයා යි තහවුරු විය. අයිසිස් නායකයාව ඝාතනය කිරීමේ මෙහෙයුමට ඇමරිකන් ප‍්‍රහාරක කණ්ඩායමට පැය 2ක් ගත විය. එහිදී 13ක් ඝාතනය විය. හාජි අබ්දුල්ලා නමින් හඳුන්වන අයිසිස් නායකයා සිටි නිවසට කඩා වැදීමට පෙර කොමාන්ඩෝ භට පිරිස අතර සිටි අරාබි භාෂාව කතා කරන භටයෙක් ඔබ යටත් වුවොත් සෑමදෙනාම ආරක්ෂා වෙයි. යටත් නොවුණහොත් මිය යාවි යැයි ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් පවසා ඇත.

මෙම ඇමරිකානු ප‍්‍රහාරක කණ්ඩායමට ඩෙල්ටා ප‍්‍රහාරක කණ්ඩායමේ භටයන් ද සම්බන්ධ වී තිබේ.

අයිසිස් නායකයා මරා දැමීමට පැය 2ක් තිස්සේ  දියත්වූ ඩෙල්ටා මෙහෙයුම
පුපුරුවා හරිනු ලැබූ බ්ලැක්හෝර්ක් ප‍්‍රහාරක හෙලිකොප්ටරය

ඇමරිකාන බ්ලැක්හෝර්ක් වර්ගයේ ප‍්‍රහාරක හෙලිකොප්ටර්වලින් එල්ල කළ ප‍්‍රහාරයේ දී දෙවැනි මහලේ සිටි දරුවකු ද මරුමුවට පත් විය. අයිසිස් නායකයාට පැන යෑමට නොහැකි වූයේ තෙවැනි මහලේ පිටවී යෑමට තිබුණේ එක දොරක් බැවිනි. මේ වනවිට ලත් තොරතුරුවලින් හෙළි වූයේ කාන්තාවන් සිවුදෙනෙක් ඇතුළු ළමුන් 6 ක් මරුමුවට පත් වූ බවයි. මෙලෙස ඇමරිකානු හමුදාවට යටත් නොවී දිවිනසා ගත් අබු ඊබ‍්‍රාහිම් ප්‍රොපෙසර් නමින් හඳුන්වනු ලබයි. ඔහු හිටපු ඉරාක ජනපති සදාම් හුසෙන්ගේ නිලධාරියෙකි.

වරක් ඔහු ඇමරිකානු ඔත්තුකරුවකු ලෙස කි‍්‍රයා කර ඇත. මොහු අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 10ක තෑග්ගක් දෙන බව ද ඇමරිකානු රජය නිවේදනය කර තිබුණි.

2007 දී ඇමරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඊබ‍්‍රාහිම් හෙවත් අල්කුරෙයිෂි මාස ගණනක ඉරාකයේ ඇමරිකානු රැුඳවුම් කඳවුරක සිට පසුව නිදහස් විය.

මේ අතර අයිසිස් නායකයා අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ එම් එච් 60 බ්ලැක්හෝර්ක් හෙලිකොප්ටරයක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා ගොඩබැස්වීමෙන් පසු පුපුරුවා හරිනු ලැබූහ. මෙහි වටිනාකම ඩොලර් මිලිනයක පහකි. අල්කයිඩා සංවිධානයේ ෂාරියා විනිසුරු ලෙස ද කටයුතු කළ අයිසිස් නායකයා යසිදි ජනතාව සමූල ඝාතනය කිරීමේ සිද්ධීන්වලට ද සම්බන්ධ විය.

බ්ලැක්හෝර්ක් ප‍්‍රහාරක හෙලිකොප්ටරයක් පිළිබඳව මෙයට පෙර ඇමරිකානු හමුදාව සෝමාලියාවේ සිදු කළ මෙහෙයුමක දී වාර්තා විය. එය බ්ලැක්හෝර්ක් ඩවුන් යනුවෙන් ප‍්‍රසිද්ධ විය.

සිරියාව තුළදී ඇමරිකැනු හෙලිකොප්ටරය විනාශ කිරීම පිළිබඳව ඇමරිකානු බලධාරීන් පැවසුවේ එයට වෙඩි තබා නැති බවත් යාන්ති‍්‍රක දෝෂයක් මුල් වී ඇති බවයි.

මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 දා ආරම්භ වීමට නියමිතව ඇති අවස්ථාවේ මෙම ඝාතන සිදුවීම විශේෂ සිද්ධියකි. මේ ප‍්‍රහාරයෙන් ඇමරිකාව පෙන්නුම් කළේ ඕනෑම රටකට ගොස් ත‍්‍රස්තවාදීන් හා ඔවුන්ගේ පවුල්වල අය ද ඝාතනය කළ හැකි බවයි. ඒ ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ප‍්‍රශ්න කරන්නේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment