අයිසිස් සංවිධානය සිරියානු බන්ධනාගාරයකට පහරදෙයි – හසාකා නගරයේ දරුණු ගැටුම්

248

අයිසිස් සාමාජිකයන් කණ්ඩායමක් සිරියානු සිරකඳවුරකට පහරදී රැුඳවියන් මුදා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ ඊසානදිග සිරියාවේ දැඩි සටන් සිදුවෙමින් පවතී.

 එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරවල සහාය ලබන කුර්දි ප‍්‍රමුඛ හමුදා බ‍්‍රහස්පතින්දා සිට හසාකා නගරයේ අයිසිස් කණ්ඩායමට එරෙහිව සටන් කරමින් සිටිති.

 ගවර්යාන් බන්ධනාගාරයේ අයිසිස් නායකයන් ඇතුළුව සාමාජිකයන් 3,500 ක් සිටින බව නිරීක්ෂණ කණ්ඩායමක් පවසයි.

 සිරියානු මාධ්‍ය පවසන්නේ මෙම ගැටුම්වලින් අවම වශයෙන් කුර්දි ආරක්ෂක භටයින් 28 දෙනකු මිය ගොස් ඇති අතර සිවිල් වැසියන් පස් දෙනකු සහ අයිඑස් සාමාජිකයන් 58 දෙනකු ද මිය ගොස් ඇති බවයි.

 මේ අතර අයිසිස් සංවිධානය ජනවාරි 22 වැනිදා වීඩියෝ පටයකින් කියා සිටියේ බන්ධනාගාරයට එල්ල වූ ප‍්‍රහාරයෙන් තම සාමාජිකයන් බොහෝ දෙනකු නිදහස් කර කරගෙන ඇති බවය. අයිසිස් සාමාජිකයන් තමන් යටතේ ප‍්‍රාණ ඇපකරුවන් ගණනාවක් රඳවාගෙන සිටින අයුරු ද එම දර්ශනවල දිස් විය.

advertistmentadvertistment
advertistmentadvertistment