අයි. එම්. එෆ්. අත ළඟ – මහ බැංකු අධිපති කියයි

260

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි මූල්‍යකරණ සහතික ඉතා ඉක්මනට ලැබී එම අරමුදලේ මූල්‍ය පහසුකම සඳහා වන අනුමැතිය ලබන මාසයේ හෝ මේ වසරේ (2023) පළමු කාර්තුව අවසන් වීමට පෙර ලබාගත හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අදාළ මූල්‍ය සහතිකවීම් චීනයෙන්, ජපානයෙන් සහ පැරිස් සමාජයෙන් ඉතා ඉක්මණට ලැබෙනු ඇති බවත් දැන් සිටින්නේ එහි අවසන් අදියරේ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (25දා) දහවල් පැවති මාධ්‍ය හමුවකදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා එසේ සඳහන් කළේය.

ඉතා ඉක්මණින් මේ ක්‍රියාදාමය සිදුවී අදාළ මූල්‍ය සහතික ලැබීමෙන් සති හතරක් ඇතුළත අයිඑම්එෆ් විධායක සභා අනුමැතිය ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකමට ලැබෙනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment