අයි.එම්.එෆ්. එකඟතාව 20 වැනිදා අනුමැතියට

134

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කාර්ය මණ්ඩල එකඟතාව අනුමැතිය සඳහා මෙම මස 20 වැනිදා එහි විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත.

චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගැනීමේදී මෙන්ම තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී මෙරට බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරන බව ද ඇය එම ට්විටර් පණිවිඩයෙන් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබාදීමට අනුමැතිය ලබා දීමෙන් පසු අනෙකුත් පාර්ශ්ව මගින් ශ්‍රී ලංකාවට නැවත ණය ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන අතර එමඟින් මෙරට බලධාරීන් බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ කරගෙන යෑමට හැකිවනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment