අයි. එම්. එෆ්. කතා පටන් ගන්න ශ්‍රී ලංකාව ‘නිවෙන්න’ ඕනෑ

89

අයි. එම්. එෆ්. ප්‍රකාශක ගැරී රයිස්

මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයේ සමනයවීමක් අපේක්ෂා කරන බව එම අරමුදලේ ප්‍රකාශක ගැරී රයිස් පවසයි.

ශ්‍රී ලංකාවේ වත්මන් වතාවරණය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ දුප්පත් සහ අවදානමට ලක්වන ජනතාව සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල අවදානය යොමු කරන බව ද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සිදු කරමින් සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment