අයි.එම්.එෆ් ගැන සජබයෙන් වෙනස් මතයක්

130

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා රටේ ජනතාව වෙත ආණ්ඩුව එල්ල කරන පීඩනය පිළිගත නොහැකි බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව එම අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව ලබන 26,27,28 යන දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී වෙනස් මතයක් ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

එම අරමුදල විසින් මෙරටට ණය දීම සඳහා පනවා ඇති අධික බදු බර, විදුලි බිල ඉහළ දැමීම, රාජ්‍ය ආයතන විකිණීම ආදී කරුණුවලට සමගි ජනබලවේගය විරුද්ධ බව ද මැතිවරණ නොපැවැත්වීම, නීතියේ උත්තරීතරභාවය නොතැකීම වැනි ආණ්ඩුවේ ක්‍රියා මාර්ගවලට ද එරෙහි වන බව ද ඒ මහතා කීවේය.

එම කරුණුවලට එරෙහිව පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වන බව ද ඔහු කීවේය. එහිදී පවත්වනු ලබන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ද විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment