අයි.එම්.එෆ් ගිවිසුමවත් දෙන්නැතිව පාර්ලිමේන්තු වැඩ ප්‍රමාදයි කියනවා කිරිඇල්ල මැතිසබයේදී කියයි

73

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගනු ලැබූ ගිවිසුම පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන රජය පාර්ලිමේන්තුවේ වැඩ හෙමින් සිදුවෙනවා යැයි චෝදනා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය. මේක මුළු පාර්ලිමේන්තුවටම බලපාන ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කථානායකතුමනි, ඔබතුමාට. මම දැක්කා පසුගිය දවස්වල ඔබතුමාටත් චෝදනා කරලා තිබ්බා පාර්ලිමේන්තුවේ වැඩ හිමින් කියලා. ඔබතුමා අද පුවත්පතකට හොඳ පිළිතුරක් දීලා තිබුණා ඇයි පාර්ලිමේන්තුවේ වැඩ සෙමින් කියලා. මොකක්ද කියලා තිබ්බේ? විපක්ෂය ඉල්ලන තොරතුරු ආණ්ඩුව ඉක්මනින් ලබා දෙන්නේ නැති නිසා කියලා.

දැන් විපක්ෂය මාස කිහිපයක් තිස්සේ අයි.එම්.එෆ් ගිවිසුම ඉල්ලනවා. නමුත් ආණ්ඩුව තවමත් මේ ගිවිසුම ඉදිරිපත් කරලා නෑ අපට. මේ මාසේ තුළ කරන වැඩ රඳා පවතින්නේ අයි.එම්.එෆ් ගිවිසුම මතයි. ලබන මාසේ අයවැය එනවා. එතකොට අපිට කියනවා ආංශික අධීක්ෂණ කාරක සභා සහ අනෙකුත් කාරක සභා සඳහා එන්න කියලා. ඇත්ත වශයෙන්ම අපි කොහොමද එන්නේ? අපි ඉල්ලන අයි.එම්.එෆ්. ගිවිසුම අපිට ලබා දෙන්නේ නැතිනම්. ආණ්ඩුව තමන්ගේ වැඩ ප්‍රමාද කරලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙත් නැතිව අපිට චෝදනා කරනවා පාර්ලිමේන්තුවේ වැඩ හිමින් කියලා. රජය තමයි වගකීම් පැහැර හැරලා තියෙන්නේ. කෝ අයි.එම්.එෆ් ගිවිසුම? තව ආයතන කොච්චරක් ප්‍රතිව්‍යුහගත කරනවාද? අපිට අයි.එම්.එෆ් ගිවිසුම නැතිව අයවැයක් කතා කරන්න පුළුවන්ද? ඒ නිසා ආණ්ඩුව දැනගන්න ඕනේ පාර්ලිමේන්තුවට තියෙන වගකීම ඉටු කරලා අයි.එම්.එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට වහාම ඉදිරිපත් කරන්න. ගිවිසුම නැතිව අඟලක් ඉස්සරහට යන්න බෑ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment