අයි.එම්.එෆ් ඡන්දය නමින් ගන්න – ඇමැති කංචන

131

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය දෙන අය විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කළ යුතු බව ද ඒ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සභාගත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ විවාදයේදීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment