අයි.එම්.එෆ්. මුදල් දෙන දිනේ කියන්න බෑ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

225

ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීම් සඳහා මේ වන එම අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පළ වී ඇත.

මේ කාර්යමණ්ඩල මට්ටමින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9 සඳහා මේ වසරේ (2022) දෙසැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්රුවර් සහ ශ්‍රී ලංකා ධූත ප්‍රධානි මසහීරෝ නොසාකි යන මහත්වරුන් විදේශ වෙබ් අඩවියකට දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය සහන සාකච්ඡා කිරීම සඳහා කාලය ගතවන නිසා කාලරාමුවක් ගැන පැවසීම ඉතා අපහසු බවයි. ඒ හා සම්බන්ධ පාර්ශ්ව එම සාකච්ඡා කඩිනම් කළ යුතුයි. එවිට ශ්‍රී ලංකාවට ඔවුන් මුහුණදී තිබෙන අර්බුදයෙන් කඩිනමින් මිදිය හැකියි බව අද ඔවුහු සඳහන් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment