අයි. එස්. ත‍්‍රස්තයා සමග ‘හාදකම්’ පාලා ශී‍්‍ර ලාංකික අන්තවාදීහු 12 ක් ටී. අයි. ඞී. භාරයට

274

ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදියා සමග සමීප සබඳතා පැවැත්වූ ශී‍්‍ර ලාංකික ත‍්‍රස්තවාදීන් 12 දෙනෙකු මේ වනවිට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය ටී. අයි. ඞී. මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර අන්තවාදීන් මේ වනවිට රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ මොහොමඞ් මොහිදීන් නමැති අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදියා සමග සබඳතා පැවැත්වූ තවත් ශී‍්‍ර ලාංකික අන්තවාදීන් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වාගෙන යයි.

ඉන්දීය පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඞ් මොහිදින් නමැති ත‍්‍රස්තවාදියාගේ ජංගම දුරකථනයේ මෙරට අන්තවාදී පුද්ගලයන් 70 දෙනෙකුගේ දුරකථන අංක සටහන් වී තිබිණි. මෙම අන්තවාදීන් පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලීමක් කළේය. ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගත් මොහොමඞ් සම්සුදින් නමැති අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදියාගේ ජංගම දුරකථනයේ මොහිදින් ෆෝ අල්ලා යනුවෙන් වට්ස් ඇප් කණ්ඩායමක් ශී‍්‍ර ලාංකිකයන් 70 දෙනකුගේ දුරකථන අංක සටහන් කරගෙන තිබී ඇත. මෙම වට්ස් ඇප් කණ්ඩායම වෙත අයි. එස්. ත‍්‍රස්ත සංවිධානයේ වීඩියෝපට හඬපට මෙරට අන්තවාදීන්ගේ මෙන්ම පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධානියා වූ මොහොමඞ් සහරාන්ගේ අන්තවාදී හඬපට පවා හුවමාරු කර තිබිණි.

ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment