අයි. ඕ. සී. තෙල් ණයට නෑ – දිගටම වැඩ

186

ඉන්දියන් ඔයිල් ඉන්ධන හල්වලින් කිසිදු ආයතනයකට ණයට ඉන්ධන ලබාදීමක් සිදුකරන්නේ නැතැයි ලංකා ඛනිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

ඉන්දියන් ඔයිල් ඉන්ධනහල් මගින් එසේ අත්පිට මුදලට ඉන්ධන නිකුත් කරන නිසා අඛණ්ඩව ඉන්ධන ගෙන්වා බෙදා හැරීමට කටයුතු කරන බව ද ඔහු කීය.

මෙම ඉන්ධන හල්වලින් පෞද්ගලික අංශයට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ද මුදල් තැන්පතුවලට අදාළව බවත් විදුලිබල මණ්ඩලයට ද ඉන්ධන නිකුත් කරනු ලබන්නේ මුදල් තැන්පතුවලට අදාළව බවත් ඔහු කීය.

ඉන්දියන් ඔයිල් සමාගම ඛනිජ තෙල් සංස්ථාව සමග ඒකාබද්ධව කටයුතු කරන නිසා මුතුරාජවෙල පර්යන්තයට මේ වනතෙක් ඉන්දියන් ඔයිල් සමාගම ගෙන්වනු ලැබූ ඉන්ධන නැව ද ගොඩබෑමේ කටයුතු සිදු කළත් පෙරේදා (20 දා) පැමිණි ඔක්ටේන් 95 පෙට්‍රල් නැව එම සමාගමට අයත් ත්‍රිකුණාමලය ගබඩා සංකීර්ණයට ගොඩබා බෙදාහැරීමට කටයුතු කරන බවත් ඒ ආකාරයෙන් සුපර් ඩීසල් තොගයක් ද ත්‍රිකුණාමලයේ ගොඩබා බෙදා හැරීමට කටයුතු සුදානම් කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment