අයි.පීඑල් ශූරයන් අද රෑ

172


ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර ශූරතාව සඳහා තරග කරති.
සිව්වතාවක් අයි.පීඑල් ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් දිනා ඇත. ගියවර අයි පී එල් ශූරයන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ තුන්වන අවසන් පූර්ව තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි.

16 වන වරට පැවත්වෙන මෙවර අයි.පී.එල් තරගාවලියේ චෙන්නායි කණ්ඩායම මෙලෙස අවසන් මහා තරගයට එක්වන්නේ 10වන වරටය.

ඔවුන් අවසන් මහ තරගයට පිවිසි අවස්ථා 10න් 4කදීම ශුරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.

චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය විදෙස් ක්‍රීඩකයින් දෙපළ බවට පත්ව ඇති මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි පිලේ ප්‍රධාන තුරුම්පු බවට පත්ව තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් අයි පී එල් ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද පිටියට පිවිසීමට නියමිතය.

අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment