අයි.පී.එල් තරගාවලියට කොවිඩ් රිංගයි

154

අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දෙදෙනකු හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව සංචිතයේ සිටින ක්‍රීඩකයකුට සහ කාර්ය මණ්ඩලයේ අයකු මෙසේ කොරෝනා ආසාදිතයන් ලෙස ඊයේ (18 වැනිදා) හඳුනාගත් බව විදෙස් මාධ්‍ය සඳහාන් කර සිටී.

 දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හෙට (20 වැනිදා) පංජාප් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත අතර ඒ අනුව ඊයේ දිනයේදී එම තරගය සඳහා මුම්බායි සිට පුනේ බලා යෑමට පෙර සිදු කරන ලෙස පී.සී.ආර්. පරීක්ෂණයේදී මෙම කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

 මීට පෙර පසුගිය 15 වැනිදා ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැණිනි.

 කෙසේ වෙතත් මේ හේතුව තරගාවලිය පැවැත්වීම කෙරෙහි බලපෑමක් මේ දක්වා ඇති නොකරන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment