අයි.පී.එල්. මගේ හීනයක් වනිඳු හසරංග

899

අයි.පී.එල් තරගාවලියක් කී‍්‍රඩා කිරීම තමාගේ හීනයක් බවත් මේ වනවිට එ් සඳහා කණ්ඩායම් දෙකකින් ආරාධනා පැමිණ ඇති බවත් ශ‍්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක වනිදු හසරංග කියා සිටී. ලසිත් මාලිංග සමග ටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් හසරංග ඒ බව සදහන් කර තිබේ.

 වනිදු හසරංග මේ වනවිට අන්තර් ජාතික විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැුඳී සිටී. එ් අනුව අයි.පී.එල්. තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමට වනිඳුට බොහෝ දුරටත් අවස්තාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් මාලිංග සමග පැවැති සාකච්ඡුාවට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ වනිඳු ‘මගේ හීන දෙකක් තියෙනවා. එකක් අයි.පී.එල් ගහන්න. අනිත් එක එංගලන්ත ප‍්‍රාන්ත තරග ගහන එක. මම ඉන්දීය තරගාවලිය හොදට කරා. මට අයි.පී.එල් කණ්ඩායම් දෙකකින් විතර කතා කරා. එයාලා තාම ඒක කතා කරගෙන යනවා. මම බලාපොරොත්තුවෙනවා අවස්ථාවක් ආවොත් අයි.පී.එල් යන්න. මම තාම ක‍්‍රීඩා කරලා තියෙන්නේ ටී 10 විතරයි.

 අයි.පී.එල් යනව කියන්නේ මට ලොකු අත්දැකීම් ප‍්‍රමාණයක් ගන්න පුලූ‍වන් වෙයි. මට තාම අවුරුදු 24යි. අයි.පී.එල් ගිහිං ගන්න අත්දැකීම් වෙන කිසිම තැනකින් ගන්න පුලූවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ලෝක කුසලානය තියෙන්නේත් ඩුබායිවල. මම ඩුබායිවල ගහලා තියෙන්නේ ටී- 10 විතරයි. අයි.පී.එල් එකත් ගහන්නේ ඩුබායිවල නිසා මට ඒකත් ලොකු ප‍්‍රයෝජනයක් වෙයි. මට තාම හරියටම කණ්ඩායමක් කතා කරලා නැහැ. ගියත් මැච් 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ. ඒක මැනේජ් කරගෙන කොහොමහරි යන්න ලැබුණොත් මම ඒ අවස්ථාව ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා’ යැයි පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment