අයි.පී.එල්. වෙන්දේසියේදී  විදෙස් කී‍්‍රඩකයෝ 77ක් අලෙවි වෙති

324

2022 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලයේ කී‍්‍රඩක වෙන්දේසිය පෙරේදා (13 වැනිදා) රාති‍්‍රයේදී අවසන් විය. බැංගලෝර්හි පැවැති අදාළ වෙන්දේසියේදී විදෙස් කී‍්‍රඩකයන් 77 දෙනකු අලෙවි වී තිබේ.

 අදාළ කී‍්‍රඩකයක් 77 අතරට ශී‍්‍ර ලංකාවේ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ සහ භානුක රාජපක්ෂ ඇතුළත්ව සිටී.

 මීට අමතරව වෙන්දේසි වූ කී‍්‍රඩකයන් අතරට ඔස්ටේ‍්‍රලියාවෙන් කී‍්‍රඩකයන් 13ක්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කී‍්‍රඩකයන් 17ක්, එංගලන්තයෙන් කී‍්‍රඩකයන් 13ක්, නවසීලන්තයෙන් කී‍්‍රඩකයන් 12ක්, දකුණු අපි‍්‍රකාවෙන් කී‍්‍රඩකයන් 11ක් සහ බංග්ලාදේශයෙන් සහ සිංගප්පූරුවෙන් කී‍්‍රඩකයන් එක් අයකු බැගින් ඇතුළත්ව සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment