එල්.පී.එල්. සඳහා තෝරා නොගත් කී‍්‍රඩකයින් දස දෙනා ගැන කි‍්‍රකට් ආයතනය ඇස යොමයි

733

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක කෙටුම්පත් කිරීමේදී කිසිදු කණ්ඩායමකට තෝරා නොගත් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින් 10 දෙනාට යළි තරගාවලියට ඇතුළත්වීමේ අවස්ථාවක් ලබා දීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය තිබේ. එ් අනුව කණ්ඩායමක් සඳහා නම් කළ සංචිතයේ කී‍්‍රඩකයින් ගණන 20 සිට 22 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පැවැත්වෙන ලංකා පි‍්‍රමියර් ලීග් 2021 තරගාවලියට ක‍්‍රීඩකයින් තේරීම වෙනුවෙන් පැවැති ක‍්‍රීඩක කෙටුම්පත් කිරීමේදී ප‍්‍රධාන කොන්ත‍්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයින් කීප දෙනෙකුට කණ්ඩායම්වලට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි විය. ඒ පිළිබඳව අවධානය යොමු කර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තෝරා නොගත් ක‍්‍රීඩකයින් 10 දෙනෙකුගේ

නම් කණ්ඩායම් හිමිකරුවන් වෙත ලබා දීමට පියවර ගෙන කර තිබේ. එ් අනුව එම කී‍්‍රඩකයින් 10 දෙනා එක් කණ්ඩායමකට දෙදෙනා බැගින් කණ්ඩායමකට ඇතුළක් කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කණ්ඩායම් හිමිකාරිත්වයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප‍්‍රිමියර් ලීග් 2021 තරගාවලියේදී විදෙස් ක‍්‍රීඩකයින් 673 දෙනෙකු සහ දේශීය ක‍්‍රීඩකයින් 358 දෙනෙකු වශයෙන් සමස්ත ක‍්‍රීඩකයින් 1031 දෙනෙකු ලියාපදිංචිව තිබුණි. ඒ සියල්ලෝම ක‍්‍රීඩක තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ක‍්‍රීඩක කෙටුම්පත් කිරීමේදී එක් කණ්ඩායමකට විදෙස් කී‍්‍රඩකයින් 06 දෙනකු සහ දේශීය කී‍්‍රඩකයින් 14 දෙනකු ලෙස එක් කණ්ඩායමක් සඳහා කී‍්‍රඩකයින් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරා ගැණින.

එ් අනුව එම කෙටුම්පත් කිරීමේදී තරගාවලිය සඳහා ලියාපදිංචිව සිටි ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මිනෝද් භානුක, සධීර සමරවික‍්‍රම, අශාන් පි‍්‍රයන්ජන සහ ශිරාන් ප‍්‍රනාන්දු යන කී‍්‍රඩකයින් කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැණින.

ලංකා පි‍්‍රමියර් ලීග් දෙවැනි අදියර ලබන දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment