අයි.සී.සී. කි‍්‍රකට් කමිටු මුල් පුටුවට ගංගුලි එයි

568

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ් ක‍්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. හිටපු සභාපතිවරයා වන අනිල් කුම්බ්ලේ වෙනුවට හිටපු ඉන්දීය නායක ගංගුලි එම ධුරයට පත් කළ බව අයි.සී.සී.ය ඊයේ (17 වැනිදා) ප‍්‍රකාශ කර සිටියේය.

අයි.සී.සී.ය විසින් නිකුත් කළ නිවේදනයේ ‘අනිල් කුම්බ්ලේ වසර තුනක උපරිම ධුර කාලයක් සේවය කිරීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි අයි.සී.සී. පිරිමි ක‍්‍රිකට් කමිටු සභාපති තනතුරට පත් කර ඇති’ යන්න වැඩිදුරටත් සඳහන් වේ.

ගංගුලි ඉන්දියාවේ මෙතෙක් සිටි සාර්ථකම නායකයෙකු ලෙසත් ඔහුගේ පරම්පරාවේ හොඳම පිතිකරුවෙකු ලෙසත් ගෞරවයට පාත‍්‍ර වේ. ඔහු 2015 සහ 2019 අතර බෙංගාල ක‍්‍රිකට් සංගමයේ සභාපති වූ අතර 2019 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස වැඩ භාර ගත්තේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment