අයි.සී.සී. ටෙස්ට් කි‍්‍රකට් ලෝක කුසලාන අවසන් මහා තරගය…. ඉන්දියාව අසීරු අඩියක

224

නවසීලන්තය සමග කි‍්‍රයාත්මක අයි.සී.සී. ටෙස්ට් කි‍්‍රකට් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 217කට සිමා විය. තෙවැනි දිනය වූ ඊයේ (20 වැනිදා* දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලූ 7ක් දැවී ලකුණු 211ක් ලබා සිටියද දිවා විවේකයෙන් පසුව ලකුණු 5ක් තුළ ඉන්දීය ඉනිමේ ඉතිරි කඩුලූ 3 දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
 
 තරගය පැවැත්වෙන සදම්ප්ටන් කී‍්‍රඩාංගණයට පළමු දින දෙකේදී මෙන්ම ඊයේ දිනයේදීද වර්ෂාවෙන් බාධා එල්ලවීම මත තරගය ආරම්භ කිරීම මිනිත්තු කිහිපයක් පමා විය. එ් අනුව ඊයේ තරග ය ආරම්භ කරන විටදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක විරාත් කෝලි ලකුණු 44කට දැවී ගිය අතර අජින්ක්යා රහනේ ලකුණු 49කට දැවී ගියේය. කෝලි සහ රහනේ අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සම්බන්ධතාවක්ද ගොඩනැ`ගිනි.
 
 රවිචන්ද්‍රන් අෂ්වින් පන්දු 27කදී ලකුණු 22ක් ලබා ගැනීමට සමත්වූ අතර හතරේ පහර 3ක් ඊට ඇතුළත් විය. කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් තරගයේ පළමු දිනය කිසිදු පන්දුවාරයක් යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවූ අතර තරගයේ දෙවැනි දිනය පන්දුවාර 64කට සීමා විය.

advertistmentadvertistment
advertistmentadvertistment