අයි.සී.සී. තරගාවලි 3ක සත්කාරකත්වය දැරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කැමැත්තෙන්

251

ජගත් ක‍්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප‍්‍රධාන අයි.සී.සී. තරගාවලි තුනක සත්කාරකත්වය දැරීම සඳහා ඉදිරිපත් වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පසුගියදා පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැුස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර එහිදී එ් අනුව 2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වන තරගාලි ති‍්‍රත්වයක සත්කාරකත්වය දැරීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විසින් තීරණය කර තිබේ.

අයි.සී.සී. තරගාවලි 3ක සත්කාරකත්වය දැරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කැමැත්තෙන්

2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී. තරගාවලි පිළිබඳ පසුගියදා නිල වශයෙන් නිවේදනය කෙරුණි. ඒ අනුව 2025 හා 2029 වසරවලදී යළිත් වරක් අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියක් පැවැත්වීමට ජගත් ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ ස`දහා රටවල් 8ක් එක්වීමට නියමිත අතර, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරග ද 2025, 2027, 2029 සහ 2031 යන වසරවලදී ද පැවැත්වීමට නියමිතව තිබේ. තවද 20යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියද වසර දෙකකට වරක් පැවැත්වීමට එහිදී යළි තීරණය කර තිබේ. ඒ අනුව 2024, 2026, 2028 සහ 2030 යන වසරවලදී 20යි 20 ලෝක කුසලාන තරගාවලි පැවැත්වේ.

කෙසේ වෙතත් එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය, 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සහ ශූරයන්ගේ කුසලන තරගාවලිය යන ප‍්‍රධාන පිරිමි තරගාවලි ත‍්‍රිත්වයක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සත්කාරකත්වය දැරීම වෙනුවෙන් සිය කැමැත්ත ප‍්‍රකාශ කර ඇති අතර තරගාවලි ස`දහා වෙනත් රටවල් සමග එක්ව සම සත්කාරක රටක් වශයෙන් කටයුතු කිරීමට ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment