අයි.සී.සී. මාසයේ ක්‍රීඩකයා මැතිව්ස්

251

පසුගිය මැයි මාසයට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරා ඇති මාසයේ ක්‍රීඩකයා සම්මානයට හිමිකම් කීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබේ. බංග්ලාදේශය සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් අදාළ සම්මානය හිමිකර ගැනීමට මැතිව්ස් සමත්වී තිබේ. එම තරගාවලියේදී පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199ක් වාර්තා කිරීමට මැතිව්ස් සමත්වූ අතර දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 145ක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ අනුව සමස්ත තරගාවලියේ ලකුණු 344ක් රැස් කිරීමට ඔහු සමත්විය.මැත්ව්ස්ට අමතරව පසුගිය මැයි මාසයට අදාළව එම සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ අසිත ප්‍රනාන්දු සහ බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහිම් නිර්දේශ වී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment