අයි.සී.සී. මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩිකා සම්මානයට චමරිගේ නමත්

282

අයි.සී.සී. මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩිකාවට අදාළ නිර්දේශිත නාම අතරට ශී‍්‍ර ලංකාවේ චමරි අතපත්තුගේ නමත් යෝජනා වී තිබේ. ජගත් කි‍්‍රකට් කවුන්සිලය ඊයේ (08 වැනිදා) මේ බව නිවේදනය කර සිටියේය.

ජනවාරි මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩිකාව තේරීම වෙනුවෙන් නම් කළ ඇති මෙම නිර්දේශිත නාම අතරට ශී‍්‍ර ලංකාවේ චමරි අතපත්තුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩිකා ඞීන්ඩ‍්‍රා ඩොටින් සහ එංගලන්තයේ හේදර් නයිට්ගේ නම් යෝජනා වී තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පසුගියදා පැවැති විස්සයි විස්ස තරගාවලියේදී චමරි අතපත්තු 55.25ක ඉනිමක සාමාන්‍යයක් රඳවා ගනිමින් සමස්ත තරගාවලියේදී ලකුණු 221ක් වාර්තා කිරීමට සමත්වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment