අයි.සී.සී. මැයි මාසයේ කී‍්‍රඩකයා මුෂ්ෆිකර් රහීම්

184

 අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය මගින් නම් කරන ලද මැයි මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩකයා ඊයේ (14 වැනිදා) නම් කරන ලදී. එ් අනුව නිර්දේශිත කී‍්‍රඩකයන් අතරින් අයි.සී.සී. මැයි මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩකයා බවට පත්වන්නට බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් සමත්විය.
 
 ශී‍්‍ර ලංකාව සමගින් පැවැති එක්දින තරගාවලියේදී දැක්වූ දස්කම් මත මැයි මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි සම්මානය මුෂ්ෆිකර් හට හිමි වූ අතර අදාළ තරගාවලියේදී ලකුණු 237ක් වාර්තා කිරීමට ඔහු සමත් විය.
 
 මෙම සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීන් ජයවික‍්‍රම සහ පාකිස්තානයේ හසන් අලීද ඇතුළත්ව සිටියේය. එහිදී බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ප‍්‍රවීන් මෙම සම්මානයට නිර්දේශ වී තිබිණි.
 
 මේ අතර මැයි මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ස්කොට්ලන්තයේ කත‍්‍රන් බ‍්‍රයිස් සමත්වූවාය.
 
 අයි.සී.සී. මාසයේ කි‍්‍රකට් කී‍්‍රඩක සම්මානය හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයන්, තරග විචාරකයන් සහ අයි.සී.සී. සාමාජිකයන් ඇතුළත් ස්වාධීන සහ පේ‍්‍රක්ෂක ඡුන්දය විමසීමක් මගින් සෑම මසකම පිරිනමනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment