අයි.සී.සී.යෙන් පැතුම්ට අවවාද දී  කණ්ඩායමට දඩ ගසයි

725

ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි නුවරදී පැවැති දෙවැනි විස්සයි විස්ස කි‍්‍රකට් තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට දඩයක් නියම කිරීමටත් පැතුම් නිස්සංකට ආවවාද කිරීමටත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

 නියමිත කාලයට පන්දු වාර යවා නිම කිරීමට අපොහොසත් වීම මත ශී‍්‍ර ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක් නියම කිරීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබේ. අයි.සී.සී. තරග තීරක මණ්ඩලයේ ඬේවිඞ් බූන් විසින් මෙම සම්බාධක පනවා තිබේ. අයි.සී.සී. චර්යාධර්ම සංග‍්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක‍්‍රීඩකයන්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම පන්දු වාරයකටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් අය කෙරේ.

 මීට අමතරව ”ජාත්‍යන්තර තරගයක් අතරතුර ඇසෙන අසභ්‍ය දෙයක් භාවිතා කිරීම’’ සම්බන්ධ අයි.සී.සී. සංග‍්‍රහයේ 2.3 වගන්තිය කඩ කර ඇති බව සොයා ගැනීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ පිතිකරු පැතුම් නිස්සංකට ද අනතුරු ඇඟවීමක් ලබා දී තිබේ. මීට අමතරව ඔහුගේ විනය වාර්තාවට දොස් පවරණ කරුණක් ද එක් කර ඇත. පන්දුවට පහර දෙමින් සිටියදී නිස්සංකට පන්දුවක් වැදී යෑමෙන් සහ ස්ටම්ප් මයික‍්‍රෆෝනයේ සහ ක‍්‍රීඩා පිටියේ පැහැදිලිව ඇසෙන පරිදි නොගැළපෙන භාෂාවක් භාවිතා කරමින් ප‍්‍රතිචාර දැක්වීමෙන් මෙම සිදුවීම සිදු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment