අය වැය ගැන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මතය

156


මෙවර අය වැය මගින් පාසල් යන දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ සාධාරණ මුදලකට මිලදී ගැනීම සඳහා සහන සැලසිය යුතු යැයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සංවිධායක නීතීඥ ඉවෝන් නිරාශා මහත්මිය සඳහන් කරයි.සෑම දරුවෙක්ම පාසල් යා යුතු බවත් ඒ සඳහා දිරිමත් කරනු මිස පාසල් යා නොහැකි මට්ටමට පත් නොකළ යුතු බවද පවසයි.පාඩු ලබන රාජ්‍ය ආයතන පෞගලීකරණය කිරීම සම්බන්ධව තම පක්ෂය විරුද්ධ නැති බවත් ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ බවද කීවේය.මෙවර අය වැය මගින් විකල්ප බල ශක්ති සඳහා දිරිමත් කිරීමක් කර ඇතැයිද එය සතුටට කරුණක් බවත් ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ ප්‍රණාමය පුද කරන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment