අය වැය යෝජනා

450


අය වැය යෝජනා අනුව ඉදිරියේදී ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන බලපත් ලබාදීම වෙන්දේසි ක‍්‍රමයට සිදුකෙරේ.රාජ්‍ය ආයතන වල දුරකතන වියදම් සියයට 25කින් කපා හැරේ.පක්ෂ භේධයකින් තොරව මන්ත‍්‍රීවරුන්ට සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 15ක් වෙන් කෙරේ.සෑම දිස්ත‍්‍රික්කයකම ජාත්‍යන්තර පාසලක් සහ රෝහලක් ඉදිකිරීමට ඉඩම් ලබාදේ.දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීමට තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.මහ බැංකුව විසින් අපනයන සඳහා පනවා ඇති විනිමය පැවරුම් කොන්දේසි සරල කරයි.සියලු බන්ධනාගාරවල සනීපාරක්ෂක කටයුතු දියුණු කිරීමට රුපියල් මිලියන 200ක් වැඩිකරයි.මාර්ග සංවර්ධනයට අමතරව රුපියල් මිලියන 20,000ක් ග‍්‍රාම නිලධාරී වසමකට රුපියල් මිලියන 03ක් මන්ත‍්‍රීවරයකුට තම කොට්ඨාශය සඳහා අමතරව රුපියල් මිලියන 05ක් ,ආදායම අහිමිවූ පාසල් වෑන් සඳහා රුපියල් මිලියන 400ක් ද පෞද්ගලික බස් රථ සඳහා රුපියල් මිලියන 1,500ක්ද ත‍්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 700ක්ද වෙන් කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment