අරක්කු කාලේ කුප්පිය තහනම් කරන්න

589

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති රජයෙන් ඉල්ලති

මත්පැන් කාලේ කුප්පිය නිෂ්පාදනය නතර කළ යුතු බවට මහජනතාව තුළ මතයක් පවතින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සිය අධිකාරිය විසින් පසුගියදා සිදුකළ මහජන මත විමසුමකට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 72.4% ප‍්‍රමාණයකම මතය, කාලේ කුප්පිය තහනම් කළ යුතු බවයි. ආචාර්ය සමාධි රාජපක්‍ෂ මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මත්පැන් හා දුම්වැටි සම්බන්ධව සිදුකළ මෙම සමීක්‍ෂණයට වයස් කාණ්ඩ 3 ක් යටතේ 1000 කට අධික පිරිසක් සහභාගි වී තිබෙනවා. වයස 17 – 30 දක්වා 40% ප‍්‍රමාණයක්, වයස 31 – 45 දක්වා 35% ක් සහ වයස 45 ට වැඩි 25% ක් පමණ මීට සහභාගි

වූ අතර මුළු සමාජයම නියෝජනය වන පරිදි විවිධ අධ්‍යාපන මට්ටමේ පුද්ගලයන් මේ සඳහා දායක කරගත් බව ආචාර්ය සමාධි රාජපක්‍ෂ ප‍්‍රකාශ කරයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු සඳහන් කරනු ලැබුවේ මත්පැන් කාලේ කුප්පිය උග‍්‍ර පරිසර ගැටලූවක්ව ඇති නිසා එය තහනම් කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ගොවි ජනතාව ඇතුළු බොහොමයක් පාර්ශ්ව විසින් තමන්ට පැමිණිලි ලැබෙන බවයි. මෙම තත්ත්වය අවබෝධ කරගෙන සිටින පරිසර අමාත්‍යාංශය ද කාලේ කුප්පිය තහනම් කළ යුතුය යන මතයේ සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මත්පැන් භාවිතය හා ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිකුත් කරන ලද ගෝලීය තත්ත්ව වාර්තාව විසින් ද පෙන්වා දී තිබුණේ මත්පැන් කාලේ කුප්පිය මගින් ජනතාව අධික බීමත්කම සඳහා යොමුවන බවයි. එම වාර්තාව පෙන්වා දෙන පරිදි මත්පැන් භාවිතය ඉහළ යෑම සඳහා එම මත්පැන් වර්ගය භාවිත කළ හැකි ක‍්‍රමවේදය බලපාන අතර කාලේ කුප්පිය සැර අධික මත්පැන් ප‍්‍රමාණයක් එකවර පානය කිරීම පහසු කරන ක‍්‍රමවේදයක් බව සඳහන් කර තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment