අරක්කු නිසා දිනකට මිය යන පිරිස 50 ඉක්මවයි.. පැයකට වියදම රු. කෝටි 2 යි… සුමිහිරි පානයේ තිත්ත ඇත්ත

1400

2019 වනවිට වයස අවු 15-25 ත් අතර වයස් කාණ්ඩයේ ප‍්‍රතිශතය 28%

මත්පැන් නිසා ප‍්‍රධාන පිළිකා 18 ක්

ඕනෑම මත්පැන් වර්ගයක් පිළිකාකාරකයි

වැඩිම මත්පැන් අලෙවිය අනුරාධපුරය කොළඹට 4 වන ස්ථානය

දිනෙන් දින රට තුළ මත්පැන් පානය වැඩිවෙමින් ඇත. ඒ සඳහා ආසන්න උදාහරණයක් ලෙස ඉකුත් කාලය තුළ කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමීම තීරණය කළ දිනත් දීර්ඝ නිරෝධායන කාල සීමාවකින් අනතුරුව නැවත රට විවෘත කළ දිනයක් පෙන්වා දිය හැක. රට වසා දැමීමට තීරණය කළ දින මෙරට මත්පැන් අලෙවි සැල් අවසන් දොර පියන වසන තෙක් ඒ ඉදිරිපිට මිනිස් පොරයක් දැකගත හැකි විය. එමෙන්ම නැවත රට විවෘත කිරීමට පෙර මත්පැන් අලෙවි සැල් හදිසියේ විවෘත කළ දිනත් එම තත්ත්වයේ වෙනසක් නොවීය. වසා තබන ලද දොර ලෑලි විවෘත කරනවාත් සමග මත්පැන් මිලදී ගැනීමේ පොරයක් දැකගත හැකි විය. ඇතැමෙක් කුළුදුලේ උපන් දරුවකු තුරුලූකර ගන්නා තරම් සෙනෙහසකින් බෝකල් තුරුලූකර ගන්නා අපුුල දසුන් ඒ අතර විය. එම මතුපිට චිත‍්‍රයට යමින් බරපතළ සමාජ ඛේදවාචකයක් නිර්මාණය වී අවසන්ය. එහි අවසන් ප‍්‍රතිඵලය ලෙස මේ වනවිට දිනක් තුළ මත්පැන් පානය හේතුවෙන් මියයන පිරිස 55 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මත්පැන් පානය හේතුවෙන් වසරකට මෙරට තුළ මියයන පිරිස 20000 ඉක්මවා යමින් ඇත.

ඛේදවාචකය එතැනින් නිමා වන්නේ නැත. සංවේගය උපදින්නේ මත්පැන් පානය හේතුවෙන් මියයන පිරිස පිළිබඳව නොව, මරණයට මත්තෙන් ඔවුන් රටට බරක් වන ආකාරය දකින විටය. ‘‘බැරි බරට’’ කර දී සිටින ජාතික ආර්ථිකයෙන් විශාල කොටසක් ‘බේබදන්’’ පිණිස වෙන් කිරීමට සිදුව ඇති ආකාරය දකින විටය. සාමාන්‍ය ලේඛනවලට අනුව යමින් මෙම හෙළිදරව්ව සිදු කිරීම තුළ තේරුම් ගැනීම පහසුය.

පසුගිය වසර කීපය ගත් කල මෙරට තුළ වයස අවු. 15-25 ත් අතර මත්පැන් පානය කරන්නන්ගේ ක‍්‍රමික වර්ධනයක් සිදු වී ඇත. ඒ අනුව 2017 වර්ෂයේදී ඉහත වයස් කාණ්ඩයට අයත් පිරිසෙන් සියයට 15 ක් මතට යොමු වී ඇත. 2018 වර්ෂයේදී එම තත්ත්වය 25%ක් දක්වා ඉහළ යන අතර 2019 වසර වනවිට එම අගය 28%ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇත. ඉහත සංඛ්‍යා ලෝඛනවලට අනුව මේ මොහොත වනවිට මෙරට ‘‘තාරුණ්‍යය’’ මත් පැන් විසින් ගිලගෙන ඇති ප‍්‍රමාණය පිළිබඳ සිතාගත හැක. වයස් කාණ්ඩ තුනක් යටතේ සිදුකර තිබෙන මෙම සමීක්‍ෂණ කටයුත්ත හරහා වයස අවු: 25-40 ත් අතර කාණ්ඩයට අයත් පිරිස අතරින් 2017 වසර තුළ 27% ක් මත්පැන් පානය කර ඇත. එය 2018 වසරේදී 37% ක අගයක් දක්වා ඉහළ යන අතර 2019 වසරේදී එහි යම් අඩුවක් දකින්නට ඇත. ඒ අනුව එම වසර තුළ ඉහත වයස් කාණ්ඩයට අයත් පිරිසෙන් මත්පැන් පානය පිණිස යොමු වන්නේ 25% ක් වැනි පිරිසක්ය.

වයස අවුරුදු 40 ට වැඩි වයස් කාණ්ඩයට අයත් මෙරට ජනතාව බීමත් බව අතින් වාර්තාපිට වාර්තා තැබීමට සමත් වී ඇත. ඒ අනුව 2017 වසරේදී 33% ලෙසත් 2018 වසරේදී එය 42% ක් ලෙසත් වාර්තාවන අතර 2019 වසෙර්දී වයස අවු: 40 ට වැඩි මත්පැන් පානය කරන්නන්ගේ අගය 47% දක්වා ඉහළ අගයක් ගෙන ඇත.

ඉහත සංඛ්‍යාලේඛනවලට අනුව 2019 වසර වනවිට වැඩිම මත්පැන් පානය කරන්නන් ජීවත්වන දිස්ත‍්‍රික්කය ලෙස අනුරාධපුරය වාර්තා පොත් අතරට එක් වී ඇත. එහි දෙවන ස්ථානය නුවර එළිය දිස්ත‍්‍රික්කයටත් තෙවන ස්ථානය මාතරටත් සිව්වන තැන කොළඹටත් හිමි වී ඇත.

අරක්කු නිසා දිනකට මිය යන පිරිස 50 ඉක්මවයි.. පැයකට වියදම රු. කෝටි 2 යි… සුමිහිරි පානයේ තිත්ත ඇත්ත

මෙවැනි තත්ත්වයක් තුළ මත්පැන් පානය කිරීම හේතුවන් වසරක් තුළ මියයන සංඛ්‍යාව 20000 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මත්පැන් පානය කිරීම හේතුවෙන් දිනක් තුළ මෙරට පුද්ගලයන් 50කට අධික පිරිසක් මරණයට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. මෙම ඛේදවාචකය මෙරට සමස්ත මරණ සංඛ්‍යාව හා සසදනවිට මරණ ලක්ෂයක් සිදුවනවිට එම මරණ අතුරින් ජීවිත 42000 ක් පමණ අකල්හී පරලොව යන්නේ මත්පැන් පානය හේතුවෙන් සිදුවන විවිධ රෝගාබාධ මුල්කර ගනිමින්ය. මෙහි බරපතළම තත්ත්වය ලෙස දැක්විය හැක්කේ මෙරට වසරක් තුළ නිෂ්පාදනය කරනු ලබන මත්පැන් ප‍්‍රමාණය රටේ සමස්ත පිරිමි ජනගහනයෙන් බෙදූ කළ එක් පුද්ගලයෙක් පානය කරනු ලබන මත්පැන් ප‍්‍රමාණය ලීටර් 19 ක අගයක් ගැනීමය.

වයස් භේදයකින් තොරව මත්පැන් පානය නැතුවම බැරි දෙයක් බවට පත්ව ඇති රටක ඒ වෙනුවෙන් ආර්ථිකයට දරන්න සිදු වී ඇති ‘‘බර’’ ඉමහත්ය. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක‍්‍රියාත්මක වන රටක් ලෙස වසරක් තුළ මත්පැන් පානය හේතුවෙන් ‘‘ඇඳට වැටෙන’’ පිරිස මරණයෙන් බේරා ගැනීම සඳහා වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 855 ක් වන බව ගණන් බලා ඇත. ඒ අනුව දිනකට මෙරට ආර්ථිකයෙන් රුපියල් කෝටි 48.05 ක් ඒ සඳහා වැය කිරීමට සිදු වී ඇත. තවත් සරලව පවසතොත් මත්පැන් පානය කිරීම හේතුවෙන් හටගන්නා රෝගාබාධ පිණිස පැයකට රුපියල් කෝටි 02 ක් වැය කරන්නට සිදු වී තිබීම ‘‘බේබද්දන්ගේ’’ පමණක් නොව රටේම අභාග්‍යයක් බවට පත් වී හමාරය.

මේ පිළිබඳව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛi ආචාර්ය සමාධි රාජපක්‍ෂ මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා සඳහන්කර සිටියේ මත්පැන් පානය කිරීම හේතුවෙන් මියයන පිරිස දිනෙන් දින ඉහළ අගයක් ගන්නා බවත් ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නිවැරදි අවබෝධයක් නොමැති වීම කනගාටුවට කරුණක් වන බවත්ය. එහිදී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ වෛi ආචාර්ය සමාධි රාජපක්‍ෂ මහතා මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කරගෙන තිබෙනවා ඕනෑම මත්වතුරක් පිළිකාකාරකයි කියලා. රටක් විදියට මේ වනවිට අපි මුහුණදීලා තිබෙන මේ ප‍්‍රශ්නයෙන් නිදහස් වෙන්න ඒ ප‍්‍රකාශය පමණක් වුවත් ප‍්‍රමාණවත් නමුත් කොතෙක් දැනුවත් කළත් මත්වතුර පාවිච්චි කරන හුග දෙනෙක් වෛi විiාව විසින් තහවුරු කරන මතයන් සමග එකග වෙන්නෙ නෑ. ඒ දේවල් පිළිගන්න සූදානම් නෑ. ඒකෙ ප‍්‍රතිඵලයක් ලෙස දවසට 500කට අධික පිරිසක් මිය යනවා. විශේෂයෙන්ම මේ මරණ සිද්ධ වෙන්නේ මත්වතුර පානය කිරීම හේතුවෙන් සිදුවන අක්මා රෝග හා පිළිකා රෝග හේතුවෙන් බව වෛiවරුන් විසින් තහවුරු කරල තිබෙනවා.

විශේෂයෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ප‍්‍රධානම පිළිකා 18 ක් මත්වතුර හේතුවෙන් ඇතිවෙනවා. මත් වතුර භාවිතය කියන්නෙ මිනිස් සෞඛ්‍ය ශාරීරිකවත් මානසික වශයෙනුත් පිරිහීමට මූලිකවම බලපාන කාරණාවක්. ඕනෑම පුද්ගලයෙක් ගත්තොත් ඔහුට හෝ ඇයට යහපත් ශාරීරික සෞඛ්‍යයක් වගේ මානසික එහෙමත් නැත්නම් අධ්‍යාත්මික සෞඛ්‍යයක් අත්‍යවශයි. නමුත් මොන තර්ක ගෙනාවත් මත්වතුර පාවිච්චි කරන පුද්ගලයන් තුළ මේ දෙකම නෑ. එහි බරපතළකම බොන පුද්ගලයාට පමණක් සීමා වන්නේ නෑ. ඒ අයගේ පවුල්වල උදවියට ඊළ`ගට රටේ සමස්ත ආර්ථිකයට ඒ හරහා බලපෑම් එල්ල වෙනවා. ජනතාව අතර මතයක් පවතිනවා පොඞ්ඩක් බිව්වට කමක් නෑ. ආණ්ඩුවට මුදල් ලැබෙනවා. ඔය ආදී වශයෙන් යම් යම් මත දරන පිරිස් ඉන්නවා. ඒ සියලූ දේ මිත්‍යාවන්.

ශිෂ්‍ය සම්පන්න සමාජය විසින් කිසිසේත් අනුමත නොකරන තත්ත්වයක් රට තුළ දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. ලෝක තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාව පසුවන්නේ මත්පැන් පානය කරන්නන් බහුලව රටවල් අතරින් 64 වැනි ස්ථානයේය. පැරන්නන් විසින් පවසන ලද ලෝකෙන් උතුම් රට මේ වනවිට පත්ව ඇති තත්ත්වයේ මත්පැන් මට්ටම මේ වනවිට ඉහත සඳහන් පරිදිය. මෙවැනි වටපිටාවක් තුළ රටේ හෙට දවස අඳුරුය. අවිනිශ්චිතය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment