අරක්කු බියර් ගහගෙන පියාට බරපතළයි

315

පුතා අරක්කු රැගෙන පියාට බියර් එකක් ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පැවති ආරවුලක් දුරදිග ගොස් පුතා පියාට සවලකින් පහරදීම නිසා එම පියා මරණාසන්නව නාවලපිටිය රෝහලෙන් මහනුවර මහ රෝහලට යවා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව නාවලපිටිය පොලිසිය පවසයි.
 
 නාවලපිටිය කඩියන්ලෙන වත්තේ මේමලේ කොටසේ පදිංචි 52 හැවිරිදි පියකු බරපතළ තුවාල ලබා මෙසේ ප‍්‍රතිකාර ලබයි.
 
 මොවුන් දෙදෙනා කඩියන්ලෙන නගරයට විත් සුරාසැලකින් මෙසේ මත්පැන් ගෙන තිබේ.
 
 එහිදී පුතා අරක්කු රැුගෙන පියාට බියර් බෝතලයක් ලබාදීම පිළිබඳව කෝපයට පත් පියා එම බියර් බෝතලය පොළොවේ ගසා තිබේ.
 
 පසුව දෙදෙනාම නිවසට පැමිණ තිබේ. මෙහිදී පියා එම නිවසට ඉහළින් ඇති නිවසකට ගොස් තනිව සිටියදී අනුකම්පා සිතුනු පුතා තවත් බියර් බෝතලයක් රැුගෙන පියා බැලීමට ගොස් තිබේ.
 
 එහිදී මෙම තරුණයාගේ ඥාතීන් එම නිවසට ගොස් හිස පැලී ලේ ගලමින් සිටි එම පියා පහළ නිවසට රැුගෙන විත් තිබේ.
 
 මෙම වත්තේ සිට කිලෝ මීටර් 22 ක් පමණ දුරක් නාවලපිටිය රෝහලට ඇති අතර මොවුන් මේ තුවාලකරු රෝහල්ගත කිරීම සිදු නොකර නිවසේ තබාගෙන පසුදා රෝහල්ගත කර තිබේ.
 
 සැකකාර පුතා ඊයේ (15දා* අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කීය.
 
ගම්පොල – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment