අරක්කු- බියර් මිල නගී

1299

මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක (කෑන් එකක) මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත. මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත. රජය මගින්

පසුගිය අයවැයේදී අරක්කු සහ බියර් සඳහා බදු වැඩි කිරීමෙන් පසු මේ වන තෙක් බදු වැඩි කිරීමක් සිදු කර නැතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment