අරගලකරුවන්ගෙන් අධිකරණ ඇමැතිට යෝජනා හතක්

342


අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක් අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණි. එහිදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය සදහා ඔවුන් විසින් යෝජනා කරනු ලබන කරුණු 7 කින් යුත් යෝජනාවලියක් වෙත භාරදෙනු ලැබීය.
ජනාධිපති සමාව ලබාදීම, රටේ සංවර්ධනය හෝ අභිවෘද්ධිය සදහා වන යෝජනා සහ පනත් කෙටුම්පත් සෘජුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අයිතිය ජනතාව වෙත ද ලබාදීම, ජනතා ඡන්දයෙන් තේරී පත් වන ජනතා නියෝජිතයින් පක්ෂ මාරු කිරීම වළක්වාලීමට අවශ්‍ය ව්‍යවස්ථාමය නීති ප්‍රතිපාදන සම්පාදනය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිසි මූල්‍ය තත්වයක් හා සක්‍රිය ක්‍රියාකාරීත්වයක් හිමි කරදීම, විගණන අධිකරණයක් පිහිටුවීම,ල ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම හා ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතු පරම වගකීමක් වීම යන කරුණු සර්වපාක්ෂික අරගලකරුවන් විසින් අධිකරණ අමාත්‍යවරයා වෙතභාරදුන් යෝජනාවලියට ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment