අරගලකරුවන්ගෙන් රජයට එරෙහිව හෙට ජන රැලියක්

226

වත්මන් ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී හෙට (6 දා) සවස 3 ට ජන රැළියක් පැවැත්වීමට ගාලුමුවදොර අරගලකරුවන් තීරණය කර ඇත.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම රැළිය වෙනුවෙන් අරගලයට සහාය දැක්වූ වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල, භික්‍ෂු බල මණ්ඩලය, සිවිල් සංවිධාන ඇතුළු රැසක් එක්වීමට නියමිතව ඇත.

‘අරගල ක්‍රියාකාරීන් මර්දනය, අනීතික අත්අඩංගුවට ගැනීම්, හදිසි නීතිය අවභාවිත කිරීම් සහ රටේ අරගලයට තුඩුදුන් කිසිදු ප්‍රශ්නයකට මේ වනතුරුත් සාධනීය පිළිතුරු ලබාදීමට රජය ක්‍රියා නොකිරීම ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම ඒකාබද්ධ රැළිය පවත්වනවා’ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (4 දා) සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment