අරගලකරුවන්ගේ ක්‍රියාකාරී සැලැස්ම ජනගතකෙරේ

286

අරගලකරුවන් ක්‍රියාකාරී සැලැස්මක් පෙරේදා (09 වැනිදා) රාත්‍රි කොටුව ජනාධිපති මන්දිරයේදි ජනගත කෙරිණි.

එහිදී සමාජ ක්‍රියාකාරී සංඛ ජයසේකර එම ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළේය.

එය මෙසේය.

ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ, රාජපපක්ෂ රෙජීමය ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය. සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් තානාපතිවරුන් ඉල්ලා අස්විය යුතුය. ගෝඨා රනිල් ආණ්ඩුව ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික අභිප්‍රායන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය. ජනතා අරගලයේ නියෝජිතයන් එම අන්තර්කාල පාලනයේදී නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුස්සිලයක් ස්ථාපිත කළ යුතුය. ආර්ථික අර්බුයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදාගැනීමට කෙටිකාලීන හදිසි සහන වැඩපිළිවෙළක් සකස් කිරීම, ක්‍ෂුද්‍ර මූල්‍ය ගොවි ණය කපා හැරීම/ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම් සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම, දැනට අත්අඩංගුවේ පසුවන සියලු අරගලකරුවන් ඇුතුළු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යුක්තිය ඉටුකිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම, ඝාතන සහ අතුරුදන් කිරීම්වලට අදාළ සියලු වින්දිතයන්ට සාධාරණයක් ඉටුකළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම, විමර්ශනයක් සහිත විගණනයක් තුළින් රෙජීමය විසින් හොරාකන ලද මුදල් හා දේපළ නැවත රජයට පවරා ගැනීම සඳහා දඬුවම් කිරීම.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment