අරගලකරුවන්ට පහරදීම ගැන පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කර විවාද කළ යුතු නෑ – ඇමැති ප්‍රසන්න  කිරිඇල්ලට දන්වයි

111

ගෝල්ෆේස්හිදී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කර විවාද කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුව ලබන 27 වැනිදා හදිසි නීති විවාදය සඳහා කැඳවන අතර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් එදිනට විවාද කිරීමේ හැකියාවක් ඇති බවත් ඇමැතිවරයා විසින් පෙන්වා දී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂ කණ්යාමේ පළමු සාකච්ඡාව 26 වැනිදා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරයට පත්ව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම පුරප්පාඩුවට පත්වූ වජිර අබේවර්ධන මහතා 27 වැනිදා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතය. ආණ්ඩුපක්ෂ කණ්ඩායමේ පළමු සාකච්ඡාව 26 වැනිදා සවස පැවැත්වීමට නියමිතය. ඒ මහතාට ඇමැති ධුරයක් ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එය බොහෝ දුරට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති ධුරය වනු ඇතැයිද නව රජයේ රාජ්‍ය ඇමැති ධුර වෙනුවට නියෝජ්‍ය ඇමැති ධුර පත්කිරීමට අදහස් කර ඇතැයි ද පැවසේ. රාජ්‍ය ඇමැති ධුර සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන නිසා මෙසේ නියෝජ්‍ය ඇමැති ධුර ලබාදීමට අදහස් කර තිබෙන බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment