අරගලකරුවන්ට පහරදුන් ජොන්ස්ටන්ලාට අද දුන් තීන්දුව

9751

ගාලුමෝදර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියමකළේය.මෙම පැමිණිල්ල අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු බවත් එම නීතිපති උපදෙස් අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙන බවත්ය.එම අභියාචනාධිකරණ තීන්දුව ලබන 23 වැනිදා ලබාදීමට නියමිත අතර මෙම නඩුකරය ඉන්පසුව එළඹෙන දිනයක කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.ඒ අනුව අදාළ පැමිණිල්ල ජුලි මස 19 වැනිදා යළි කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියමකළේය.

advertistmentadvertistment
advertistmentadvertistment