අරගලකරුවන්ට ‘පාර වහන්නැයි’ කළ ඉල්ලීම උසාවියෙන් ඉවතට

252

අරගලකරුවන් ඇතුළු උද්ඝෝෂකයන්ට කරුඳුවත්ත පොලිස් වසමට අයත් මාර්ග කිහිපයකට ඇතුල්වීම වළක්වන නියෝගයක් රංගන ශිල්පිනි දමිතා අබේරත්න, වසන්ත මුදලිගේ ඇතුළු දහයදෙනෙකුට නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමකට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (09දා) අවසර ලබා නොදුන්නේය.

ඊයේ (09දා) කොටුව දුම්රිය ස්ථානයට රැස්වීමට නියමිත ගාලු මුවදොර පිටියේ රැඳී සිටින අරගලකරුවන් හා තවත් සංවිධාන කිහිපයක් නියෝජනය කරන පිරිසක් ක්‍රෙම්බි්‍රජ් පෙදෙස, මල්පාර, ස්ටැන්ලි තිලකරත්න මාවත ඇතුළු ජනාකීර්ණ මාවත් කිහිපයකට ඇතුල්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පවසමින් කුරුඳුවත්ත පොලිසිය එම ඉල්ලීම කළේය.

පෙළපාළිකරුවන් එහිදී පොලිස් ආඥා පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන බවට පොලිසිය ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් තම අධිකරණය සෑහීමට පත්නොවන බව අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment