අරගලකරුවන්  නිවසට  ගිනි තැබුවේ  වැරදි මතයක් ගිය නිසා – හරියට කතාව නොකීවේ  ඇයි දැයි කථානායකගෙන් අහනවා – අගමැති ‘දිවයින’ට කියයි

1442

අරගලකරුවන් විසින් සිය පෞද්ගලික නිවෙස ගිනි තබා අළු කරන ලද්දේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමා පැවසූ කරුණු හා කළ යෝජනා වැරදි ලෙස ප්‍රචාරය කිරීම නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවැසීය.

 අරගලය පැවැති දින පක්ෂ නායක රැස්වීමක් කථානායක නිල නිවසේදී පැවැති බවත් පක්ෂ නායක බහුතරයක් සහ පක්‍ෂ නියෝජිත පිරිසක් එයට සහභාගි වූ බවත් පවසන අග්‍රාමාත්‍යවරයා එහිදී ගත් තීරණ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබූ බව ද කීවේය. මෙහිදී තමන් විසින් විකල්ප යෝජනා තුනක් ඉදිරිපත් කරන ලද බවත් එහි අවසන් විකල්පය වූ ජනාධිපති සහ අගමැති යන දෙදෙනා ඉවත්වී පාර්ලිමේන්තුව තුළින් නියෝජිතයකු වැඩබලන ජනාධිපති ධුරයට පත්කොට සර්ව පාක්ෂික එකඟතාවකින් නව අග්‍රාමාත්‍යවරයකු පත්කර අන්තර්වාර රජයක් පිහිටුවා නිශ්චිත කාලයක් තුළ නව රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලබාදීම යන කොටස කථානායකවරයා විසින් නිසි ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බවත් ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉවත් නොවන බවට අරගලකරුවන් තුළ වැරදි වැටහීමක් ඇතිවී තම පෞද්ගලික නිවස ගිනි තබා අළු කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය.

 පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් මේ බව ප්‍රශ්න කිරීමට තමන් කටයුතු කරන බව ද අගමැති වික්‍රමසිංහ තවදුරටත් සඳහන් කළේය. පෙරේදා පැවති ජන අරගලයේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද අතර එම නිවසේ තිබූ ගෘහ භාණ්ඩ ද පොත් පත් පන්දහසකින් සමන්විත ඔහුගේ පුස්තකාලය ද විනාශයට පත්විය.

 අගමැතිවරයා පක්ෂ නායක රැස්වීමේදී සිය ධුරයෙන් ඉවත්වීමට අකමැති බවට ප්‍රකාශ කළැයි පෙරේදා සවස එක්තරා විiුත් නාලිකාවක් ප්‍රචාරය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment