අරගලකරුවන් මර්දනයට එරෙහිව සරුංගල් විරෝධයක්

139

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙරේදා (27 වැනිදා) පස්වරුවේ කොටුව ගාලු මුවදොර පිටියේදී නිර්මාණාත්මක සරුංගල් විරෝධතාවක් පැවැත්විණි.

රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙස ඉල්ලමින් ෂී ටෝක්ස් සංවිධානය විසින් මෙම සරුංගල් විරෝධතාව සංවිධානය කර තිබිණි. මෙහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රුව සහිත සරුංගලයක් ද ඉහළ අහසේ යවනු දැකගත හැකි විය.

ඊට එක්කර තිබූ ඇතැම් සරුංගල් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත් අතර මෙහිදී අදහස් දැක්වූ නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.

“වත්මන් ආණ්ඩුව ගෙනයන මර්දනයට එරෙහිවයි අපි මේ විරෝධය පාන්නේ. රාජපක්‍ෂ ආණ්ඩුවත් සමඟ එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාව තව තවත් පීඩාවට පත් කර සිටිනවා. මේ මර්දනයට එරෙහිවයි අපි සාමකාමීව සරුංගල් විරෝධතා සංදර්ශනයක් පවත්වන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment