අරගලකරුවෝ පිරිසක් ගෝල්ෆේස් හැර යති: තව පිරිසක් රැඳෙති

479

ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලිසිය පෙරේදා (03 දා) සහ ඊයේ (04 දා) අරගලකරුවන්ට කළ දැනුම් දීමකට අනුව දින 118 කට පසු අරගල භූමියෙන් ඉවත් වීමට ඊයේ (04 දා) එහි සිටි පිරිසක් පියවර ගෙන තිබිණ.

එහිදී තවත් පිරිසක් තවදුරටත් අරගලයේ යෙදී සිටීමට තීරණය කර තිබූ අතර අරගලයේ අභිලාෂයන් ඉටු වනතුරු තම සටන අත්නොහරින බව ඔවුහු ප්‍රකාශ කර සිටියහ.

අරගලකරුවෝ පිරිසක් ගෝල්ෆේස් හැර යති: තව පිරිසක් රැඳෙති

අරගල භූමියේ කුඩාරම් සහ ඒ ආශ්‍රිතව වගා කටයුතු ද කිරීමට අරගලකරුවන් පියවර ගෙන තිබූ අතර පොලිසිය විසින් ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ඒ සියල්ල ඉවත් කර ගන්නා ලෙසට අරගලකරුවන්ට දැනුම් දී තිබිණ.

මෙහිදී ‘දිවයින’ට අදහස් දැක්වූ අරගලකරුවෝ මෙලෙස ප්‍රකාශ කළහ.

අරගලකරුවෝ පිරිසක් ගෝල්ෆේස් හැර යති: තව පිරිසක් රැඳෙති

“අපිට අරගලය කරගෙන යන්න කොළඹ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයට යන්න කියලා ජනාධිපතිවරයා කියා තිබුණා. නමුත් අපි ආවේ ජනතාව වෙනුවෙන් අරගලයක් කරන්න. අපි ජංබෝරි කරන්න මෙතනට ආවේ නෑ. මේ අරගලය ජනතාවගේ ඇත්ත අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා ආරම්භ වූවක්. ඒ නිසා ජනතා ජයග්‍රහණයකින් තොරව අරගලය නතර කිරීමක් අපි අපේක්ෂා කරන්නේ නැහැ.”

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත, සුජීව තත්සර,

advertistmentadvertistment
advertistmentadvertistment