අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකගේ ජංගම දුරකථනය පැහැරගෙන

234

පෙරේදා (28 දා) සවස කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී සිදුවූ නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ සජීවී වාර්තාකරණයක යෙදී සිටි අරගලකරුවෝ සංවිධානය මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ මහතාගේ ජංගම දුරකථනය ඉහළ බලධරයකු විසින් පැහැර ගෙන ඇති බව සර්ව පාක්‍ෂික අරගලකරුවෝ සංවිධානය ප්‍රකාශ කරති.

 මේ පිළිබඳ එදින රාත්‍රියේම කොළඹ කොටුව පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබේ.

 මෙම පැහැර ගැනීම එහි වූ නොසන්සුන් තත්ත්වය මැද පොලිසියේ නිලධාරීන් සිය ගණන් ඉදිරිපිට පුද්ගලයන් ශාරීරිකව ග්‍රහණයට නතුකර ගනිමින් සිදු වූවක් බව එම සංවිධානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

 ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියකු මෙම සිදුවීම කර ඇති බවද එමගින් චෝදනා කර තිබේ. මෙම පැහැර ගැනීම පිළිබඳව වහා යුක්තිය ඉටුකරන්නැයිද එමගින් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment