අරගලගයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම් අපිත් පිළිගන්නවා

177

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී එහි කාර්ය මණ්ඩලය අමතමිනි.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්‍ෂයේ ප්‍රධාන විධායක නිලධාරි ශමල් සෙනරත් යන මහත්වරු විසින් පක්‍ෂ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමාව පිළිගනු ලැබිණ.

සියලු දෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

තමා ජනාධිපති ධුරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යෑමට මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බව ද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment