අරගලයට සහාය පතා තලවකැලේ දෙදරු පියා පා ගමනින් කොළඹට

209

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කර ඇති අරගලයට සහයෝගය දැක්වීම පිණිස තලවකැලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් ඊයේ (03 දා) පාගමනක් ආරම්භ කර ඇත.

තලවකැලේ, මිඩ්ල්ටන් වත්තේ පදිංචි බාලක්‍රිෂ්ණන් ශෂිකුමාර් නමැති 31 හැවිරිදි දෙදරු පියා ඊයේ උදෑසන තලවකැලේ නගර මධ්‍යයෙන් ගමන් ආරම්භ කළ අතර ඔහු තලවකැලේ, හැටන්, ගිනිගත්හේන, යටියන්තොට, අවිස්සාවේල්ල හරහා කිලෝමීටර් 150 ක් දුර ගමන් කරමින් කොළඹට පා ගමනින් ගමන් කිරීමට අපේක්ෂා කරන අතර මේ සඳහා දින තුනක් පමණ ගතවන බව එම දෙදරු පියා කියා සිටී.

අරගලයට සහයෝගය දැක්වීම සඳහා පා ගමනින් යන දෙදරු පියාව හැටන්, කොටගල නගරයේදී වෙළෙඳ ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් එක්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment