අරගලයට 10 තෙක් බාධා නෑ

141

ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝගම” ඉදිකර තිබෙන ඉදිකිරීම් කිසිවක් නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වැනිදා තෙක් ඉවත් නොකරන බවට නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

ගාලු මුවදොර පිටියේ පිහිටුවා ඇති “ගෝඨාගෝගම” සිකුරාදා (05 වැනිදා) 5.00 ට පෙර ඉවත් කරගන්නා ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කළ වාචික හා ලිඛිත නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලමින් මීගහවත්තේ කාශ්‍යප හිමි ඇතුළු අරගලකරුවන් සිව්දෙනකු අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ සිකුරාදා (05 වැනිදා) කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමිති ධර්මවර්ධන මහතා නීතිපතිවරයාගේ පොරොන්දුව අධිකරණයට ලබාදුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment