අරගලයේ අමාරුම කොටස දැන් යැයි අරගල කරුවෝ පවසති

433

ගාලු මුවදොර ආරම්භ කළ අරගලයේ අමාරුම කොටස දැන් උදාවී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අරගල කරුවන් පිරිසක් පවසා ඇත. රටේම ජනතාව චින්තන විප්ලවයකට යොමුකර ගැනීම එම අමාරුම කොටස යැයි ඔවුහු සදහන් කර තිබේ. මේ වනවිට තරුණ අරගලය සාර්ථක වී ඇති බවත් ගාලුමුවදොර අරගල භූමියෙන් අරගල කරුවන් ඉවත්ව යාමට බිය අනීතික ලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන නිසා යැයි ද සදහන් කර ඇත.එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ දැන් අරගල කළ යුත්තේ ආර්ථික අර්බුදය ජයගැනීමට බවට. රටේ නීතියට සියලු දෙනා අවනත විය යුතු බවත් ඊට එරෙහිව කටයුතු කරන අයට නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment