අරගලයේ ඉන්න ඇදුරෝ සරසවි සිසුන්ට හා කියති

221

වෘත්තීය අරගලයේ යෙදී සිටියත් විශ්වවිද්‍යාල සිසුන්ගේ විභාග පැවැත්වීම සඳහා සහය ලබාදීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඊයේ (22 දා) තීරණය කර ඇත.

එහෙත් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැතැයි එම සංගමයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා පැවසීය. මේ සඳහා ගුරුවරුන්ගේ සහය ද මෙතෙක් ලැබී නැතැයි ද ඔහු කීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් මේ වනවිට මාස තුනක සිට වැටුපෙන් අසීමිත ලෙස බදු කපාගෙන තිබෙන බවත් ඉන් වෘත්තිකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බවත් ඒ මහතා කීය.

පවතින මෙම ගැටලුවට සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡාවක් වෘත්තිකයන් ඉල්ලා තිබෙන බවත් එය බොහෝ දුරට අද හෙට (23 හෝ 24) ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඔහු කීය.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරතුංග මහතා ඉල්ලා සිටියේ උසස් පෙළ සිසුන්ගේ ද පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා මේ ආකාරයෙන් සුබවාදී පියවරක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරුවරුන් ගනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බවය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment