අරගලයේ පියතුමා හෙට උසාවියට භාර වෙයි

229

ගාලුමුවදොර පිටිය මුල්කරගෙන පැවැත්වූ අරගලයේ සක්‍රීය සාමාජිකයකු වන අමිල ජීවන්ත පීරිස් පියතුමාව හෙට (12 දා) අධිකරණයට භාරදීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ (10 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

අමිල ජීවන්ත පීරිස් පියතුමා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක සැකකරුවකු ලෙස නම් කර ඇති බව දැන ගන්නට ලැබී ඇති බැවින් ඔහු අධිකරණයට භාරදීමට අවසර දෙන ලෙස මෝසමක් මගින් එම නඩුව කැඳවමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම නඩුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ ලබන 12 වැනිදා වන බැවින් සෙසු පාර්ශ්වලට ද දැනුම් දී එදිනට ඒ සඳහා පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment